දියසෙන්ලාගේ ඇත්ත හෙළිවෙන්නේ බලය දීලා ටික කලක් ගියාට පස්සේ ….

Date:

එදා ජනාධිපතිවරණය ජයග්‍රහණය කරපු මෛත්‍රීපාල කිව්වේ ජනාධිපතිවරණයෙන් රාජපක්ෂලා දිනුවනම් ඒ මොහොතේ තමන් අඩි හයක් පොලොව යට සිටීමට නියමිතව තිබූ බවයි… නමුත් ඔහුගේ දූර කාලය ගෙවී අවසන් වීමට කිට්ටු වෙත්ම ඒ මෛත්‍රීපාලම ‍රාජපක්ෂලාගේ වේදිකාවට ගොඩවී තමාව ජනාධිපති පුටුවේ තැබූ පිලට “සමනල් පිල” යැයි කියා තුච්ච ලෙස අපහාස කොට මහින්ද රාජපක්ෂව අගමැති පුටුවේ තැබීය.. දැන් ඔහුගේ අලුත්ම භයානක විගඩම අපට දැක බලාගත හැක්කේ තව ටික දිනක් ගිය පසුවය..

හරිහමන් දේශපාලන දැක්මක් නැති අපේ වගේ රටවල් වල ජනතාව හැමදාම මොකෙක් හරි ස්වර්ග දේශයක් පොරොන්දුවෙන ඒත් තමන් යන්නෙ කොහෙදවත් දන්නෙ නැති ඊනියා දියසෙන්ලට රැවටෙනවා… මේ නේකවර්ණ ඊනියා දියසෙන්ලා හඳුනාගන්ට වෙන්නේ බලය උරගාබලන්ට දීලා අවුරුදු දෙක තුනක් ගියාට පස්සේ…

මෛත්‍රීපාල ගෙනාවේ රාජපක්ෂලාගෙන් රට බේරගන්ට .. ඊළඟට ගෝඨාබය ගෙනාවේ මෛත්‍රීපාලගෙන් රට බේරගන්ට .. ලංකාව සිංගප්පූරුවක් කරන්ට..

නිල් පාට, කොලපාට, රතුපාට, දම්පාට පාට මොක උනත් තමන්ව ගලවගන්ට දියසෙන්ලා පහල වෙනකම් බලන් ඉන්න ජනතාවකට මීට වෙනස් ඉරණමක් අත්වෙන්ට විදිහක් නෑ..

අමාරුවෙන් පන ඇද ඇද දුවන රටේ ආර්ථිකය මීනී පෙට්ටියට දාලා අන්තිම ඇනෙත් ගහලා භූමදාන කරන ඊළඟ දියසෙන් ඊළඟට පත්වීමට නියමිත බවනම් මට දැන් විස්වාසයි…

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බලාපොරොත්තු ප්‍රතිපල නොලද හේතුව ගැන දසුන් අවබෝධයෙන් ද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: “මං දකින හැටියට නම්...

‘Iguana Cantina’ දෙස් විදෙස් සංචාරකයින් වෙනුවෙන්මයි: Aitken Spence අලුත් වැඩක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ LNW : Aitken Spence Hotels...

රටේ ආර්ථික ජයග්‍රහණ චෞර වළල්ලක් වටා ගොඩගැසී තිබු යුගය අවසන් – ජනපති මහනුවරදී කියයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රටේ ආර්ථික ජයග්‍රහණ පවුල් කිහිපයක් සහ එම...

එප්ස්ටයින් සබඳතා සම්බන්ධයෙන් නෝර්වේ පොලිසිය හිටපු අගමැති Jagland  ගැන විමර්ශනය කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නෝර්වේ රාජ්‍යයේ හිටපු...