හාල් කිලෝව රුපියල් 200 පන්නාවි – සුළු මෝල් හිමියන් අනතුරු හඟවයි !

Date:

සහල් සඳහා යළිත් පාලන මිලක් පැනවීමට රජය කටයුතු නොකළහොත් ඉදිරි සති කිහිපය තුළ සහල් කිලෝවක මිල රුපියල් 200 ඉක්මවා යා හැකි බවට සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ගේ සංගමය අනතුරු හඟවයි.

රජය මහා පරිමාණ වී මෝල් හිමියන්ට වාසිදායක ආකාරයෙන් කටයුතු කිරීම නිසා මෙම තත්වය උද්ගතව ඇති බවටයි එම සංගමය චෝදනා කරන්නේ.

ඒ අනුව වහාම සහල් සඳහා පාලන මිලක් පනවන ලෙස එම සංගමය රජයෙන් ඉල්ලා සිටී.

මේ අතර සහල් ඇසුරුම් කිරීමට යොදාගන්නා පොලිසැක් උරයක මිල රුපියල් 35කින් ඉහළ නැංවීමට එම උර නිෂ්පාදකයින් තීරණය කර ඇති අතර ඊට අනුරූපවත් සහල් මිල ඉහළ යනු ඇති බව සඳහන්.

එමෙන්ම ඇමරිකානු ඩොලරයේ අගය ඉහළ යාමත් සමග සහල් සඳහා පාලන මිලක් පැනවීමේ අවශ්‍යතාවක් මතුව ඇති බව සහල් ආනයනකරුවන්ගේ සංගමය ද පෙන්වා දී තිබේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහරගම අපේක්ෂා රෝහලට රු. මි. 600 ක වටිනාකමකින් යුත් පස්මහල් ළමා වාට්ටු සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW රෝහල්වල ඉදිකිරීම් දීර්ඝ කාලීනව...

දරුවන්ට අහිතකර ප්ලාස්ටික් නිෂ්පාදන ගැන රජය දැඩි තීන්දුවක!

කොළඹ LNW:ඉදිරි මාස දෙකක කාලය ඇතුළතදී දරුවන්ගේ සෞඛ්‍යයට අහිතකර...

අණ නොතකා ධාවනය කළ යතුරුපැදියකට පොලිසීය වෙඩි!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW අද (3) දහවල්...