නාරම්මල පොලිස් වෙඩිතැබීමකින් මුදල් කොල්ලයකට පැමිණි අයෙක් මරුට !

Date:

නාරම්මල ප්‍රදේශයේදී පොලිසිය විසින් සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ ජංගම දුරකථන අලෙවි කරන බව පවසමින් මුදල් කොල්ලයක් සඳහා පැමිණි පුද්ගලයින් තිදෙනෙකුගෙන් එක් අයෙකු බවයි පොලීසිය පවසන්නේ.

ඇපල් වර්ගයේ ජංගම දුරකථන අලෙවිකරණ බවට පළකර තිබුණු පුවත්පත් දැන්වීමක් අනුව අනුව රුවන්වැල්ලේ පදිංචි දෙදෙනෙකු මෝටර් රථයකින් නාරම්මල ප්‍රදේශයට පැමිණ ඇති අතර ඔවුන්ට ඇතිවූ සැකයක් මත ඔවුන් මේ සම්බන්ධයෙන් පොලිසියට දැනුම්දී පොලිස් නිලධාරීන් සමග අදාළ ස්ථානයට ගොස් ඇත.

කොල්ලකරුවන් දැනුම් දුන් ස්ථානයට ඔවුන් පැමිණීමත් සමග කොල්ලකරුවන් ඔවුන්ගේ මෝටර් රථයට තියුණු ආයුධවලින් පහරදී ඇති අතර එහිදී පොලිස් නිලධාරීන් සමග ඇතිවූ පොරබැදීමකදී පොලිස් නිලධාරීන් විසින් කොල්ලකරුවන්ට වෙඩිතැබූ බවත් එහිදී තුවාල ලැබූ එක් කොල්ලකරුවෙකු රෝහල්ගත කිරීමේදී මියගිය අතර අනෙක් කොල්ලකරුවන් දෙදෙනා පළාගිය බවත් පොලීසිය පවසයි.

ජංගම දුරකථන මිලදී ගැනීමට පැමිණි දෙදෙනා ද කොල්ලකරුවන්ගේ ප්‍රහාරයෙන් තුවාල ලබා කුරුණෑගල රෝහලට ඇතුළත් කර ඇති අතර නාරම්මල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුරෝපයේ නව මාවත: ඇමරිකානු බලපෑමෙන් මිදීමේ අභියෝගය…

රෂිකා හෙන්නායක ජනවාරි 22, කොළඹ LNW : ඇමරිකානු එක්සත් ජනපදයේ...

අර්ජුන රණතුංගට සහ ධම්මික රණතුංගට අධි චෝදනා ගොනු කරයි

ඉහළ මිල ගණන් යටතේ ස්ථානීය ටෙන්ඩර් මගින් ඛනිජ තෙල්...

ගින්නෙන් උපන් සීතල 2 හදන්න කමල් ඕස්ට්‍රේලියාවට

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ ජීවිත කතාව...

ට්‍රම්ප්ට කකුල් මාට්ටු වැටුණු තැන!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ඉරානයේ රාජ්‍ය විරෝධී විරෝධතා මේ වන විට...