බංකොලොත් විරෝධතාවය

Date:

රටක දේශපාලනය හා ආර්ථිකය සැම කල්හිම සරල රේඛාවක් දිගේ ගමන් කරන්නේ නැත. ඇතැම් විට දේශපාලන අර්බුද මතු වෙයි. ඇතැම් විට ආර්ථික අර්බුද මතු වෙයි. එසේ නොමැති කළ ස්වභාවික විපතකින් රට තුළ සෑහෙන විනාශයක් සිදු විය හැකිය. අද තත්ත්වය විමසා බලන විට එම සිදුවීම් තුනෙන්ම රට හා රටේ ජනතාව බැට කති. මෙය අසීරු කාලපරිච්ඡේදයක් ලෙස හැඳින්වීම වඩා නිවැරැදිය. මේ අසීරු අවස්ථාවේ රට ගොඩනැඟීමේ වගකීම ආණ්ඩු පක්ෂයට පමණක් භාරදිය නොහැකිය. එක අතකින් එහි වගකීම සියලු පක්ෂ අතර සමව බෙදී යයි. තව අතකින් මහජනයා වෙත ද එම වගකීමෙන් කොටසක් පැවරෙයි. කොටින්ම මේ වනාහි සාමූහික ප්‍රයත්නයක් ඔස්සේ අර්බුද ජය ගත යුතු අවස්ථාවෙකි.

අපේ ඇතැම් දේශපාලන ව්‍යාපාර මෙන්ම එම ව්‍යාපාරවල නායකයන් ද සාමූහික වගකීම යන්න වටහාගෙන ඇති බවක් පෙනෙන්නට නැත. එය අපේ රටේ දේශපාලනය තුළ පවත්නා නොදියුණු බවේ ලක්ෂණයකි. සමහරු කල දුටු කල වළ ඉහගන්නා ප්‍රතිපත්තියක් අනුගමනය කරති. ඔවුන්ට අනුව අර්බුද උත්සන්න වන තරමට හොඳ කාලයක් උදා වෙයි. මේ අර්බුදකාරී අවස්ථාවේ ජනතාව පාරට බස්සවමින් රටේ තවත් විනාශයක් ඇති කිරීමට සමහර පක්ෂ ක්‍රියා කර ඇත. පාරට පැන විරෝධතා දැක්වීමෙන් ඩොලර් ලැබෙන්නේ නැත. ඉන්ධන ලැබෙන්නේ නැත. ගෑස් ලැබෙන්නේ නැත. බඩු මිල පහළ යන්නේ ද නැත.

සමඟි ජනබලවේගය ඊ‍යේ කොළඹට සෙනඟ රැස්කරමින් සිය බලය ප්‍රදර්ශනය කිරීමේ උත්සාහයක යෙදිණි. එය ආණ්ඩුවට එරෙහි විරෝධතාවක් වුව ඉන් පහර වදින්නේ ආණ්ඩුවට නොව ජනතාවටය. ජනතාවගේ වැඩ කරන කාලයෙන් සැලැකිය යුතු කොටසක් විරෝධතාව විසින් උදුරා ගන්නා ලදි. කොළඹ සාමාන්‍ය ජනයා අතර, නොසන්සුන්තාවක් පැතිර ගොස් තිබූ අතර, ඔවුන්ගේ දෛනික කටයුතු අවුල් විය. කාලය යනු ඉතා වටිනා සාධකයකි. එය කැප කළ යුත්තේ දිනාගත හැකි යහපත් දේවල් සඳහා පමණි. ඒ හැරත් මේ වකවානුව මහජනයා ඒකරාශි වී විරෝධතා පැවැත්විය යුතු කාලයක් නොවේ. කොවිඩ් වසංගතයේ අවදානම තවම පහව ගොස් නැත. ඇතැම් විට ඉහත විරෝධතාව ඔස්සේම තවත් කොවිඩ් රැල්ලක් මතුවන්නට බැරි නැත.

රට ආර්ථික අර්බුදයෙන් ගොඩගැනීම සඳහා කළ යුත්තේ විරෝධතා පැවැත්වීම නොව; ආර්ථික උපාය මාර්ග සෙවීමය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. එය බුද්ධිමත් තීරණයකි. ඉන්දියාව හා මුදල් අමාත්‍යවරයා අතර සාකච්ඡා ඉදිරියට යන අතර, ණය හා ආධාර දීම සඳහා ඉන්දියාවේ එකඟතාව පළ වී ඇත. මේ වන විටත් ඒ ඔස්සේ ඉන්ධන ගැටලුවට විසඳුමක් ලැබී ඇත. ආසියානු සංවර්ධන බැංකුව ශ්‍රී ලංකාවට දිගටම සහයෝගය දක්වන බව සහතික කර තිබේ. කටාර් රාජ්‍යය ශ්‍රී ලංකාවේ වෘත්තිකයන් සඳහා රැකියා දීමට කැමැත්ත පළ කර ඇත. දැන් සිදු විය යුත්තේ මේවා අඛණ්ඩව පවත්වාගෙන යෑමය.

ඇත්ත Facebook

Sponsored Article

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉව

නිශ්මං රණසිංහ ජුනි 22, කොළඹ LNW: මේ මොහොතේ ආසියානු යොවුන්...

අල්ලස් ගැනීමට තැත් කිරීමේ චෝදනාවකට පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ජූනි 22, කොළඹ LNW : අම්පාර ප්‍රදේශයේ පුද්ගලයෙකු...

ඇමරිකාව ඉරානයේ න්‍යෂ්ටික බලාගාර වෙත ප්‍රහාර එල්ල කරයි; සුදුකාරයා මෙවර පරාජය වනු ඇති බව ඉරානය කියයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 22; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්ස්ත් ජනපදය විසින්...