රත්නපුරට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක්

Date:

සටහන – නිශ්මං රණසිංහ

මාර්තු 30, කොළඹ (LNW): මේ දිනවල විවාදිත මාතෘකාවක් බවට පත් වි තිබෙන රත්නපුර ක්‍රිකට් පරිපාලන සිඳුවීම සම්බන්ධයෙන් විවිධ අදහස් පළවෙමින් තිබෙන මොහොතක වත්මන් රත්නපුර දිස්ත්‍රික් ක්‍රිකට් පරිපාලනය රත්නපුර මොණරවිල ප්‍රදේශයේ ඉදිකළ ක්‍රිකට් ක්‍රීඩාංගණය විවෘත කිරීම සඳඑා මාර්තු 30 දා යොදා ගෙන ඇත.
රත්නපුර දිස්ත්‍රික් ක්‍රිකට් හී සභාපති කාංචන ජයරත්නගේ ඇරයුමකට අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා අතින් විවෘත වන මෙම ක්‍රිඩාංගණය විවෘත කිරීමේ උත්සවයට ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින් හැටියට වනිදු හසරංග සහ පැතුම් නිශ්ශංක දෙදෙනා ද එක්වීමට නියමිතව තිබෙනවා.


මීට ටික කාලයකට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට අත පෙවීම නිසා රොෂාන් රණසිංහ ට ක්‍රීඩා අමාත්‍ය ධූරය දමා යන්නට සිදු වුණා.ඊට හේතුව වූයේ අයිසීසී ය බලාපොරොත්තු වූ ආකාරයට ස්වාධීනව ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට වැඩ කර ගෙන යාමට නොහැකි පරිදි රොෂාන් රණසිංහ අමාත්‍යවරයා විසින් බලපෑම් ඇති කිරීමයි.ඒ තත්ත්වය නිසා දේශපාලන අතපෙවීම්වලට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කිරීමට ද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගනු ලැබුවා.


එම අවස්ථාවේ දි පක්ෂ විපක්ෂ බහුතර දේශපාලනඥයන් පිරිසක් ශ්‍රී ලංකා ක්‍රිකට්වලට එරෙහිව රොෂාන් රණසිංහ පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි අතර ඒ අනුව අයිසීසී තහනම දක්වා යාමට සිඳු වූ කාරණා සඳහා දේශපාලනඥයන් ද යම් ආකාරයකින් දායකත්වය දැක් වූවා.එවැනි අවස්ථාවක රත්නපුරු දිස්ත්‍රික් ක්‍රිකට් සභාපතිවරයා ද දේශපාලන චරිතයක් නිසා ශම්මි සිල්වාගේ ප්‍රධානත්වයෙන් විවෘත වන මෙම ක්‍රීඩාංගණය විවෘත වීමේ උත්සවයට සාක්ෂිකරුවන් ලෙස රත්නපුර ප්‍රදේශයේ විවිධ මට්ටමේ දේශපාලනඥයන් කැඳවා හිඳුවා තැබීම ශ්‍රී ලංකා ක්‍රිකට් ලැබූ දෛවෝපගත ජයක් හැටියට හැඳින්විය හැකියි.


රත්නපුර නගරයෙන් මදක් බැහැරට වන්නට මොණරවිල ප්‍රදේශයේ ඉදිව ඇති මේ ක්‍රීඩාංගණය ජාත්‍යන්තර තරග පැවත්වීය හැකි මට්ටමේ ඉහළම ප්‍රමිතියකින් නිම කර තිබෙන අතර එම තත්ත්වය රත්නපුර ක්‍රිකට් ක්‍රීඩාවේ අභිවෘද්ධිය පිණිස යෙදවීම රත්නපුර ක්‍රිකට් පරිපාලන පුටුවල කවුරුන් හිඳ ගත්තද නොපිරිහෙලා ඉටු කිරීමේ වගකීම ඉදිරියේදී කළ යුතු වෙනවා.සෑම ප්‍රාද්ශයකම ක්‍රිකට් ක්‍රීඩාවේ නියුතු ක්‍රීඩක ක්‍රීඩිකාවනට හැකිතාක් දුරට සම අවස්ථා දීමේ අරමුණෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් ප්‍රාදේශිය ක්‍රිකට් සංවර්ධනය කෙරෙහි අවධානය යොමු කර තිබෙන අතර ඊට සමගාමීව මෙම ක්‍රීඩාංගණය සම්බන්ධ සියලු වියදම් ද දරා ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ස්වර්ණ ජයන්තිය අවර්ණ කිරීම

නිශ්මං රණසිංහ ජනවාරි 22, කොළඹ LNW: කුමන හෝ ක්‍රියාවලියකදී ස්වර්ණ...

නාමල් සමග සජබ පොහොට්ටු පිරිසක් ඔඩිසා ප්‍රාන්තයට!

රෂිකා හෙන්නායක ජනවාරි 22, කොළඹ LNW : ඉන්දියාවේ ආරාධනය පරිදි...

ඉන්දියානු ජනරජ දිනය සැමරීමට නාමල් සමග සජබ පොහොට්ටු පිරිසක් ඔඩිසා ප්‍රාන්තයට!

කොළඹ LNW:ඉන්දියාවේ ආරාධනය පරිදි ජනවාරි 26 වෙනිදාට යෙදෙන ඉන්දීය...

දිලිත්ගේ පස්රූල් පොතට නිපුනආරච්චි ගල් ලෑල්ලෙන් උත්තර දෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් දේශපාලන කරළියේ...