සටහන – නිශ්මං රණසිංහ
මාර්තු 30, කොළඹ (LNW): වර්ථමානයේ ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේ වේගවත්ම එක්දින ශතකයට හිමිකම් කියන්නේ ඒබී ඩිවිලියර්ස් වන අතර ඔහු පන්දු 31 න් එම ශතකය වාර්තා කර ඇත්තේ 2015 ජනවාරි 18 වන දා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිවයි.ඊට පෙර එම වාර්තාව තැබූ ක්‍රීඩකයා ඊට වසරකට කාලයකට පමණ පෙර 2014 ජනවාරි පළමුවැනිදා එම වාර්තාව තබන්නේත් කොදෙව් කණ්ඩායමට එරෙහිවයි.ඒ වාර්තාවට වසර 10 ක් ගතවන 2024 වසරේ දී එම වාර්තාලාභි ක්‍රීඩකයා වන කොරේ ඇන්ඩර්සන් ඔහු නියෝජනය කළ රටටද අහිමි වී ඇමෙරිකානු පුරවැසියෙක් විදිහට ඇමෙරිකාව නියෝජනය කරන්නට තේරි සිටිනවා.ඒ කැනඩාවට එරෙහිව පවත්වන තරගාවලියේ දී යි.
නවසීලන්තය ටෙස්ට්,එක්දින සහ විස්සයි විස්ස තරග ආකාර තුනෙන්ම නියෝජනය කර ඇති කොරේ ඇන්ඩර්සන් එක්දින තරගවලදී තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙස වැඩි දස්කම් දක්වා තිබෙනවා.තරග 49 දී ඔහු ලකුණු 1109 රැස් කර ඇති අතර ඔහු එයට එකතු කළ අර්ධ ශතක 4 හැරෙන විට රැස් කර තිබෙන එකම ශතකය එවකට ලොව වේගවත්ම ශතකය වුණා.කඩුලු 60 ක් දවා ගන්නට ද කොරේ සමත් වුණත්,ඔහුට අවුරුදු 27 දී එක්දින කණ්ඩායමේ තැන අහිමි වෙනවා.
ඔහු ටෙස්ට් ශතකයක් ද සමඟ ටෙස්ට අර්ධ ශතක හතරක් ද තමන් ක්‍රිඩා කළ තරග 13 තුළදි එකතු කරන්නට සමත් වෙනවා.ටෙස්ට් පිටය 2016 දී අහිමි වන කොරේ ට විස්සයි විස්ස පිටිය ද අහිමි වන්නේ 2018 දි යි.වේගවත්ම එක්දින ශතකයක් එකතු කළ කොරේ මේ වන විට ඇමෙරිකාවට එක්ව කැනඩාවට එරෙහිව තරග කරන ඇමෙරිකානු කණ්ඩායමට එක්ව සිටිනවා.තවමත් 33 හැවිරිදි වියේ පසුවන කොරේ පිතිකරණයේ දී ඇමෙරිකාවට තව වසර කිහිපයක් සේවය ලබා ගත හැකි ක්‍රිඩකයෙක් ලෙස හැඳින්විය හැකියි.

