ඔබත් දිනකට රු. 168,000ක් උපයන්නෙක්ද?

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 31, කොළඹ (LNW): සමාජ ආරක්ෂණ සහ වැට් බද්ද දායකත්ව බද්ද සඳහා ලියාපදිංචි වීම සඳහා පැවැති වාර්ෂික ආදායම රුපියල් මිලියන 80 සීමාව රුපියල් මිලියන 60ක් දක්වා අඩු කර ඇති බව සඳහන් වේ,

මේ අනුව දිනකට රුපියල් එක්ලක්ෂ හැට හය දහසක් උපයන රටේ වෙළෙඳුන් විශාල පිරිසකට බදු ලිපිගොනු විවෘත කිරීමට සිදුවනු ඇත.

රජයේ බදු අංශ අනුමාන කර ඇත්තේ, දැනට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වැට් බදු ලිපිගොනු 12,000ත් 13,000ත් අතර සංඛ්‍යාවක් පවතින එම සංඛ්‍යාව මේ වසර තුළ 50,000ක් ඉක්මවා යනු ඇති බවටයි.

මේ අනුව වාර්ෂික ආදායම රුපියල් මිලියන 60ක් උපයන පුද්ගලයන් සියලු දෙනාද බදු ගෙවීම සඳහා අනිවාර්යයෙන්ම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විය යුතු අතර, මෙය මේ වසරේ ජනවාරි මස පළමුවැනිදා සිට මෙම බදු අයකිරීම ක්‍රියාත්මක වන අතර, ඊට අදාළ පනත පාර්ලිමේන්තුවේ ඉකුත් සතියේදී සම්මත වූ බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

21 විපක්ෂයේ ජන හඬට එරෙහිව කොළඹදී දැවැන්ත විරෝධයක්!

කොළඹ LNW:එළඹෙන 21 වැනිදා නුගේගොඩදී විපක්ෂය විසින් සංවිධානය කරනු...

වීදිය ගල්, වැලි වලින් ගොඩ නැඟුවද ඊට පාටක් එක් කරන වීදි කලාව!

සටහන – පුලී නොවැම්බර් 17, කොළඹ (LNW):  උතුරු අයර්ලන්තයේ වීදි...

මළගිය ඇත්තන්ට කතාකරන්න දැන් වීජා බෝඩ් ඕනෙ නෑලු!

ඕවින්දි විෂ්මිකානොවැම්බර් 17, ලෝකය (LNW): කැනේඩියානු නළු Calum Worthy...