සුරාබදු කැබ් රථයකින් කේරළ ගංජා තොගයක් ඇද්ද නිලධාරීන් 4ක් අත්අඩංගුවට !

Date:

සුරාබදු දෙපාර්තමේන්තුවට අයත් කැබ් රථයකින් කේරළ ගංජා තොගයක් ප්‍රවාහනය කළ සුරාබදු පරීක්ෂකවරයකු, සුරාබදු සැරයන්වරයකු, රියදුරෙකු සහ සහායකවරයකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් ඊයේ (01) අත් අඩංගුවට ගෙන තිබේ.

මීගමුව සහ හලාවත ප්‍රදේශයේ සිදුකළ වැටළීමකදී මෙම නිලධාරීන් සිව්දෙනා ඇතුළු 8 දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති අතර මෙහිදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 45ක පමණ තොගයක් ද සොයාගෙන ඇති බව සඳහන්.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ ප්‍රදේශයේ පිහිටි සුරාබදු කාර්යාලයකට අනුයුක්ත පුද්ගලයින් 4 දෙනෙක් වන අතර අනෙක් සැකකරුවන් මීගමුව සහ හලාවත ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

මොවුන් කාලයක් තිස්සේ කේරළ ගංජා ජාවාරමේ නිරත වී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවත් වාර්තා විය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: නේපාලයේ නම ගිය සහ හිත පිරෙන කෑමක්! Dal Bhat – Tradition You Can Taste

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW):  පරිප්පු සුප් (පරිප්පු)...

ආදරය දනවන වීදි කලාවේ සුන්දරත්වය, එන්න ආදරෙන් විඳින්න!

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW): අත්පොතක් අවශ්‍ය නොවන එකම...

ඔබ නොදුටු නේපාලයේ සොඳුරු මිනිසා Binod Chaudhary…

නේපාලයේ බිලියනපති බිනෝද් චවුද්රිගේ ජීවිතය සහ වෘත්තීය ගමනේ සොඳුරු...

බාල ගල් අඟුරු ප්‍රශ්නය ගැන සොයන්න සජිත් ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මතුව තිබෙන ගල් අඟුරු ප්‍රශ්නය සම්බන්ධයෙන් ස්වාධීන...