වාසු අද උදේම ආණ්ඩුවෙන් එළියට බහීද ? විමල්, ගම්මන්පිලත් ඔහු එක්ක යයිද ?

Date:

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමග එක්ව කටයුතු කරන්නේ නම් වත්මන් ආණ්ඩුවෙහි එක මොහොතක් හෝ තමන් නොරැඳෙන බව ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පසුගිය මාස ගණනක් තිස්සේම අවස්ථා ගණනාවකදී ප්‍රසිද්ධියේම ප්‍රකාශ කළේය.

එසේවෙතත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (16) ජාතිය අමතමින් සිදුකළ විශේෂ ප්‍රකාශයේදී නිල වශයෙන්ම නිවේදනය කළේ තමන් IMF සමග එක්ව කටයුතු කිරීමට තීරණය කළ බවයි.

ඒ අනුව, තම වචනය මත පිහිටා කටයුතු කරන්නේ නම් වාසුදේව නානායක්කාර මහතා අද උදෑසනම අමාත්‍ය ධුරයෙන් පමණක් නොව ආණ්ඩුවෙන් ද ඉවත් විය යුතුය.

ඔහුගේ සමීපතම දේශපාලන සගයින් දෙදෙනා වන විමල් වීරවංශ මහතා සහ උදය ගම්මන්පිල මහතා අමාත්‍ය ධුරවලින් ඉවත් කෙරුණු මොහොතේ පවා වාසුදේව නානායක්කාර මහතා කළේ ඇමතිකම දිගටම තබාගෙන නිල නිවස සහ වාහනය පමණක් භාරදී අමුතුම රංගනයක නිරත වීමය. එහෙයින් ඔහු අද ආණ්ඩුවෙන් ඉවත් වන්නේ නම් විමල් වීරවංශ මහතා සහ උදය ගම්මන්පිල මහතා ඔහුත් සමග ආණ්ඩුවෙන් එළියට බැසීමට එකතුවෙයිද, නැද්ද යන ප්‍රශ්නයත් මතුවේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Ella Weekend Express නව දුම්රිය අද සිට ධාවනයට

සටහන - රුවන් නෙළුගොල්ල දෙස් විදෙස් සංචාරකයන්ට ඉමහත් සෙත සලසමින්...

බිහිසුණු බස් අනතුරක්. එක් අයෙකු මරුට. 22 දෙනෙකුට තුවාල !

සටහන - රුවන් නෙළුගොල්ල මොනරාගල වැලියාය ප්‍රදේශයේදී අද (අගෝස්තු 16)...

අපට චීනයට විකිණිය හැක්කේ මොනවාද ?

පසුගිය 2024 වසර තුළ ලංකාව චීනයෙන් ඩොලර් මිලියන 4,365.7ක...

ලොහාන්ගේ අවසන් කටයුතු ඉරිදා මහනුවරදී

අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේගේ අවසන් කටයුතු අගෝස්තු...