පොලිස්පති දේශබන්දු ශ්‍රේෂ්ඨාධිකරණයට!

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 05 , කොළඹ (LNW): අරගල සිද්ධීන්වලින් පසුව ස්ථාන මාරුවීම් ලද පොලිස් ස්ථානාධිපතිවරුන් 05 දෙනෙකු විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා , අද (05) පෙරවරුවේ, පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා  ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණ තිබේ.

ඔවුන්ගේ නීතිඥවරුන් විසින්, අරගල සිද්ධීන්වලින් පසුව මාරුවීම් ලද පොලිස් ස්ථානාධිපතිවරු පස් දෙනෙකුට සුදුසු පොලිස් ස්ථාන ලබානොදීම සම්බන්ධයෙන් ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කර තිබුණි. එම කරුණු සලකා බැලීමෙන් පසුව ඒ සම්බන්ධයෙන් විමසීම සඳහා පොලිස්පතිවරයාට අද දින ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා විනිසුරු මඩුල්ල විසින් ඊයේ නොතීසි නිකුත් කරනු ලැබීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නවරාත්‍රී පූජාව අගමැතිනියගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවේදී සමරයි!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ බහු-ආගමික සහජීවනය සංකේතවත් කරමින්, පාර්ලිමේන්තු පරිශ්‍රයේ...

සොයිසාපුර වෙඩි තැබීමෙන් හෝටල් හිමිකරු මියයයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : මොරටුව සොයිසාපුර ප්‍රදේශයේදී...

හූති ප්‍රහාර වලින් ආරක්ෂා වීම සඳහා බ්‍රිතාන්‍යය, සෞදියට ප්‍රහාරක ජෙට් යානා ලබා දේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : යේමනයේ...

CIDය ඩග්ලස් දේවානන්දාගේ නිවස සහ කාර්යාලය වැටලූයේ ඇයි?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : හිටපු අමාත්‍ය ඩග්ලස්...