දැනට 20% ක් පෙරපාසල් යන්නෙ නෑ. ලබන ජනවාරියේ ඉඳලා අවුරුදු 4 සම්පූර්ණ වුණු එක ළමයෙක්වත් ගෙදර තියන්න බෑ – සුසිල්

Date:

මේ වනවිට වයස අවුරුදු 4 සම්පූර්ණ වූ මෙරට දරුවන්ගෙන් 20% ක් විවිධ හේතූන් නිසා පෙරපාසල් නොයන බව යුනිසෙෆ් සංවිධානයේ වාර්තාවකින් අනාවරණය වී ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසයි.

“එක්තරා විශ්වවිද්‍යාලයක උපාධිධාරියෙක් මට ලියුමක් එවලා තිබුණා ගුරු පත්වීමක් ගන්න. තනි පිටුවේ ලියලා තිබ්බ ලියුමේ ඡේද තුනක් තිබ්බා, ඡේද තුනේ තුන් පොළක අදාළ කියන එකේ මහප්‍රාණ “ධ” යන්න තුන්පොළේම ලියලා තිබ්බා. සිංහල භාෂාවේ මූලික ව්‍යාකරණ ටික දන්නෙ නැතුව අපි කොහොමද මේගොල්ලන්ව ගුරු වෘත්තියට දාන්නෙ ?

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ අපි 1 – 6 – 10 නියමු ව්‍යාපෘතිය පටන් ගන්නවා තව සති දෙක තුනකින්. ඊළඟට අපි බලාපොරොත්තු වෙනවා මේ 13 වසර 12 ට ගේන්න. 11 එනවා 10 ට. ඒක එකපාර කරන්න බෑ. දැන් අපට වාර්තා කරලා තියෙනවා යුනිසෙෆ් එකෙන්, අවුරුදු 4 සම්පූර්ණ වෙච්ච දරුවොන්ගෙන් 20% ක් පෙරපාසලකට යන්නෙ නෑ විවිධ හේතු නිසා. දැන් මම චක්‍රලේඛයක් ඇරියා පළාත් නවයටම වැසීගෙන යන්නෙ නැත්නම් ඉඩ තියෙන හැම පාසලකම – දෙමව්පියන්ට වත්කමක් නැත්නම් – අපේ පාසලේ අපි පන්ති කාමරයක් හදනවා පෙරපාසල් දරුවන්ට අවුරුදු 4 සම්පූර්ණ වුණ. ලබන ජනවාරියේ ඉඳලා අවුරුදු 4 සම්පූර්ණ වුණ කිසිම දරුවෙක් ගෙදර තියන්න බෑ. සියලු දෙනා ප්‍රී ප්‍රයිමරි”

අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා මේ බව පැවසුවේ කොළඹ ඩඩ්ලි සේනානායක විද්‍යාලයේ පැවති උත්සවයකට එක්වෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුදෙව් අරාබි ගැටුමේ පර්සියානු භූමිකාව හා මුහම්මඩ්ගේ පුත්‍රයා ….

අපි කතාව පටන් ගමු ඉතිහාසයෙන්. ක්‍රිස්තු පූර්ව 586 වර්ශය...

කෙහෙළියගේ නඩුවකට දින!

රෂිකා හෙන්නායක ජූනි 13, කොළඹ LNW : අල්ලස් කොමිසම...

විපක්ෂය උඩුදුම්බර සභාවේ බලය අල්ලයි!

කොළඹ LNW:මහනුවර උඩුදුම්බර ප්‍රාදේශීය සභාවේ බලය සමගි ජන බලවේගය...