පොලිස්පති දේශබන්දුගෙන් අලුත් වැඩක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 07 , කොළඹ (LNW): මත්ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා මුදල් ගෙවීමට යොදා ගන්නා ක්‍රමවේදයක් වන eZ Cash සහ M Cash භාවිත කරමින් මත්ද්‍රව්‍ය සඳහා මුදල් ගෙවන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමක් 2024.04.06 දින සිට 2024.04.10 දින දක්වා යුක්ති මෙහෙයුමට සමගාමීව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි ආරම්භ කර ඇත.

එබැවින් 2024.04.06 දිනය තුළ දිවයින පුරා සිදුකරන ලද මෙහෙයුම් වලදී eZ Cash සහ M Cash භාවිතා කරමින් නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කරනු ලබන පුද්ගලයින් 198 දෙනෙකුගෙන් තොරතුරු ලබාගෙන ඇති බව සඳහන් වේ.

පොලිස් මුලස්ථානය සදහන් කරන්නේ, මොවුන් සම්බන්ධයෙන් සිදුකරන ලද වැඩිදුර විමර්ශන වලදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 18 දෙනෙකු සම්බන්ධයෙන් බැංකු ගිණුම් වාර්තා ඔස්සේද, තවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 71 දෙනෙකු සම්බන්ධයෙන් දුරකථන කුළුණු විශ්ලේෂණ වාර්තා ඔස්සේද පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...