“ජන හද විල, පිපි සියපත මහින්ද” කෘතිය එළිදැක්වීම අද!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 09, කොළඹ (LNW): ජන හද විල, පිපී සියපත මහින්ද” යන අරුතින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂයන්ගේ චරිතය ඇසුරින් සමාජයට ගත හැකි ආදර්ශ මෙන්ම මෙතෙක් කිසිවකු නොදත් ඔහුගේ ඇතුලාන්තයෙන් එන ඔහුටම සුවිශේෂ වූ ගුණාංග සමුදායක් කැටිකොට ගනිමින් එය එක් පොතකට ගොනු කරමින් , මාතර නිවුන් හාමුදුරුවන් ලෙස ප්‍රචලිත ලක්දිව මෙන්ම විදේශීය සැදැහැවතුන්ද හොඳින් හඳුනන පූජ්‍ය වැවහමන්දූවේ සුබෝධධම්ම හිමි සහ පූජ්‍ය වැවහමන්දූවේ ලෝචන ධම්ම හිමි විසින් රචිත “ ජන හදවිල පිපි, සියපත මහින්ද” යන කෘතිය එළිදැක්වීම 2024 බක්මහේ නමවන දින එනම් අද දින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී සිදුවිය.

මෙහිදී රූපවාහිනී සංස්ථාවේ හිටපු සභාපති, හිටපු රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්, හිටපු ජනමාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සහ මහ සංඝරත්නය විසින් මහින්ද රාජපක්ෂ මහතාගේ ජනතාව නොදුටු පැතිකඩයන් රාශියක් පෙන්වා දෙමින් හරවත් කතාබහක නිරත විය.

මෙම උත්සව අවස්ථාවට මහ සංඝරත්නය , පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා , සාගර කාරියවසම් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ මාධ්‍ය ආයතන නියෝජනය කරමින් මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගි විය,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මධ්‍යම පරිසර අධිකාරිය විසින් කතරගම පූජා නගරය අවට වෙළඳසැල් 32කට එරෙහිව නඩු පවරයි!

රෂිකා හෙන්නායක ජූනි 29, කොළඹ LNW : මධ්‍යම පරිසර අධිකාරිය...

ශ්‍රී ලංකාවට පහසු ජයක්

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් සූරතාවලියේ...

ගෙවුණු දිනයේ ඊශ්‍රායල් ප්‍රහාරවලින් පලස්තීන සාමාන්‍ය වැසියන් 81 දෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක ජූනි 29, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු දිනය...

ප්‍රමාදය සම්පූර්ණයෙන්ම අවසන් : අතිරේක රේගු අධ්‍යක්ෂ සීවලි අරුක්ගොඩ

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : කොළඹ වරායේ ආනයන...