මෝදි මාර්තු අග ලංකාවට – කෙලින්ම යාපනයට ගොඩබහින්න සැළසුම් !

Date:

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතා මෙම මස අගදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට නියමිත බව වාර්තා වේ. මෝඩි අගමැතිවරයා ඇතුළු පිරිස රැගත් ගුවන් යානය කටුනායක ගුවන් තොටුපල වෙත පැමිණීම වෙනුවට යාපනය, පලාලි ගුවන් තොටුපල වෙත ගොඩබැස්වීම පිළිබඳව සලකා බලමින් සිටින බවයි වාර්තා වන්නේ.

ඉන්දීය අගමැතිවරයාගේ සංචාරය අතරතුරදී පලාලි ගුවන් තොටුපල ජාත්‍යන්තර ගුවන් තොටුපලක් ලෙස විවෘත කිරීමට සැළසුම් කර තිබෙනවා.

මීට පෙර යහපාලන රජය සමයේ ඉන්දීය අගමැතිවරයා මෙරටට පැමිණි අවස්ථාවේදී පලාලි ගුවන් තොටුපල ජාත්‍යන්තර ගුවන් තොටුපලක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට සැළසුම් කර තිබූ නමුත් විපක්ෂයේ දැඩි විරෝධය හේතුවෙන් එම සැළසුම් ව්‍යවර්ථ විය.

එදා විරෝධය දැක්වූ පාර්ශ්වය නියෝජනය කරන ආණ්ඩුවක් යටතේම ඉන්දීය අගමැතිවරයා අතින් පලාලි ජාත්‍යන්තර ගුවන් තොටුපල විවෘත වීම විශේෂත්වයක් වනු ඇත.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රාජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...