ඉරානයෙන් ඊශ්‍රායලයට නොනවතින ප්‍රහාර මාලාවක්; බයිඩන් G7 නායකයන් කැඳවයි

Date:

සටහන: සශිකලා මධුෂාණි,අප්‍රේල් 14,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඊශ්‍රායලයට එරෙහිව ඉරානය විසින් ඊයේ(13) දිනයේ සිට දියත් කළ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් ඊශ්‍රායලය පවසන්නේ ඉරානය විසින් දියත් කරන ලද ඩ්‍රෝන යානා සහ මිසයිල 200 කට වැඩි සංඛ්‍යාවකින් බහුතරයක් තමන් සහ එහි මිත්‍ර රටවල් විසින් විනාශ කළ බවයි.

ඊශ්‍රයල ආරක්ෂක අංශ ඉරාන ප්‍රහාරයන් සම්බන්ධයෙන් සඳහන් කර තිබුණේ, ලෝකයේ හොඳම ගුවන් ආරක්ෂක පද්ධතියක්(air defence systems) හිමි ඊශ්‍රයලය භුමිය ඉලක්ක කරගනිමින් ඉරානය පෙර නොවූ විරූ, පළිගැනීමේ ප්‍රහාරය සනිටුහන් කර ඇති බවත්, ඇමරිකා එක්සත් ජනපදයේ සහයද සහිතව මිසයිල සියල්ලම විනාශ කිරීමට ඔවුන්ට හැකි වූ බවත්ය.

එක්සත් රාජධානියේ ආරක්ෂක අමාත්‍ය Grant Shapps සඳහන් කර තිබුණේ, ” ඉරානයේ අඥාන ප්‍රහාරය” හෙළා දකින අතර අතිරේක RAF ජෙට් යානා කලාපයට යොදවා ඇති බව පවසයි.

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් විසින් අද(14) දිනයේදී ඉරානයේ නිර්ලජ්ජිත ප්‍රහාරයට එක්සත් රාජ්‍ය තාන්ත්‍රික ප්‍රතිචාරයක් සම්බන්ධීකරණය කිරීම සඳහා G7 නායකයින් කැඳවීමට නියමිත අතර ඊශ්‍රයල ජනතාව ආරක්ෂා කිරීමට සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවන බවයි සඳහන් වන්නේ,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...