නිරිතදිග පාකිස්තානයට ඇද හැලෙන වර්ෂාවෙන් පුද්ගලයින් 39ක් මිය යයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 16 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අධික වර්ෂාපතනය සහ අකුණු අනතුරු මගින් නිරිතදිග පාකිස්තානයේ පුද්ගලයින් 39 දෙනෙකු මියගොස් ඇති බව විදසේ මාධ්‍ය වාර්තා කරයි.

මියගිය පිරිස අතර වැඩි දෙනෙක් ගොවීන් වන අතර ඔවුන් අස්වනු නෙළීමේ නිරතව සිටියදී අකුණු අනතුරුවලට ලක්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇදහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් ගොවි බිම් රැසක් ද ජලයෙන් යටවී පවතින අතර, .විදුලිබල සැපයුම සහ ප්‍රවාහන සේවා ද අඩාල වී ඇති බව වාර්තා වෙයි.

2022 වසරේදී පාකිස්තානයට බලපෑ ගංවතුර තත්ත්වය හේතුවෙන් ඇති වු අනතුරු මගින් පුද්ගලයින් 1700කට අධික පිරිසක් මියගොස් තවත් දහසකට අධික පිරිසක් තුවාල ලැබූ බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිරගෙවල් දහයක දැම්මත් සටන අරඹනවා – නුගේගොඩදී හරීන් කියයි

කොළඹ LNW:හිරගෙවල් දහසක දැම්මද ආණ්ඩුව පෙරළා දැමීමේ සටන අදින්...

මාලිමාව සොරණාතොට ප්‍රාදේශීය සභාවේ අයවැය දෙවැනි වරටත් පරදී !

ජාතික ජන බලවේගයට බලය හිමි සොරණාතොට ප්‍රාදේශීය සභාවේ අයවැය...

මෙරට ඖෂධ සැපයුම් ක්‌ෂේත්‍රයේ සුවිශාල පෙරළියක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 21, කොළඹ LNW : මෙරට ඉතිහාසයේ ප්‍රථම...