පෙත්සමක් සම්බන්ධයෙන් හිරුණිකාට අභියාචනාධිකරණය විසින් නොතීසි!

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 18, කොළඹ (LNW): අභියාචනාධිකරණය විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වෙත නොතීසි නිකුත් කර තිබේ. 

ඒ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය විසින් දුන් නියෝගයක් විවේචනය කිරීම තුළින් අධිකරණයට අපහාසයක් සිදුකර ඇතැයි චෝදනා කරමින් ඉදිරිපත් කර තිබෙන පෙත්සමක් සම්බන්ධයෙන් මැයි මස 08 වනදා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස දන්වමිනි.

ඌව පළාත් ආණ්ඩුකාර ඒම්. මුසම්මිල් මහතාගේ පුත්‍රයා වන ව්‍යාපාරික හාඩි ජමාල්ඩින් මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙසේ නොතිසි නිකුත් කිරීමට නියෝග කළ අතර, ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගි වූ වග උත්තරකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය පසුගියදා ඌව පළාත් ආණ්ඩුකාරවරයාගේ පුත්‍රයා විසින් කාන්තාවකට පහර දීමේ සිද්ධියෙන් අනතුරුව ඔහු ඇපමත මුදාහැරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා දුන් නියෝගය විවේචනය කරමින් කරුණු ඉදිරිපත් කළ බව පෙත්සමේ සඳහන් කර ඇති බව සඳහන් වේ.

මේ තුළින් වග උත්තරකාරිය අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් සුදුසු විභාගයක් පවත්වා ඇයට එරෙහිව නිසි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් ඉල්ලමින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Victoria’s Secret Fashion Show; හොලිවුඩ් තරු අතරින් ලෝකයේම ඇස් ඇදගත් විලාසිතා මංගල්‍යයේ ශ්‍රී ලාංකික සලකුණ — එලීනා ගුණවර්ධන 

සටහන – පුලී ඔක්තෝම්බර් 19, LNW (කොළඹ): ලොව පුරා විලාසිතා ලෝලීන්ගේ නෙත්...

ශ්‍රී ලංකාවේ නිල RMB නිෂ්කාශන බැංකුව ලෙස ‘Bank of China’ නම් කෙරේ..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 19, කොළඹ LNW : චීන බැංකුව රටේ...

බ්‍රසීල ඇමසන් වනාන්තර විනාශය වාර්තාගත අවම මට්ටමකට; ලූලාට මල් මිටක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 19: බ්‍රසීලයේ ඇමසන්...

ප්‍රංශයට ඇඳිරිනීතිය පනවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 19: ප්‍රංශය පුරා...