ඇඟිලි සලකුණු එපා. ප්‍රමාද වී සේවයට පැමිණීමට සහනයක් දෙන්න – රජයේ සේවකයින් ඉල්ලයි

රටේ පවතින ඉන්ධන හා විදුලි අර්බුදය නිමා වෙනතුරු රාජ්‍ය සේවකයින්ට ප්‍රමාද වී සේවයට පැමිණීම සඳහා සහනයක් ලබාදෙන ලෙස රාජ්‍ය, පළාත් රාජ්‍ය හා රජයේ වෘත්තීය සමිති සම්මේලනය ඉල්ලා සිටී.

පවතින විදුලි හා ඉන්ධන අර්බුදය හමුවේ ඇතිවන මාර්ග තදබදය, බස් රථ ධාවනය නොවීම ඇතුළු ප්‍රවාහන දුෂ්කරතා හේතුවෙන් නියමිත වේලාවට රාජකාරි සඳහා වාර්තා කිරීම ගැටලුසහගත බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

ඒ අනුව ඇඟිලි සලකුණු යන්ත්‍රය වෙනුවට පෙර පැවති අත්සන් ලේඛනය භාවිතයට ගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටින බව එම සංගමයේ ප්‍රධාන ලේකම් අජිත් කේ. තිලකසේන මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය පතයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : අපරාධ පරීක්ෂණයක් සඳහා...

Flydubai සහාය ගුවන් නියමුවාගේ ඕස්ට්‍රේලියානු සබඳතා පිළිබඳව පරීක්ෂණයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : Flydubai සහාය ගුවන්...

“නව ක්‍රීඩකයන්ට අවස්ථා ලබාදිය යුතුයි” – කුසල් මෙන්ඩිස්

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : ශ්‍රී ලංකා ක්‍රිකට්...

නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056 කට පත්වීම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ...