රුසියා ප්‍රහාර දෙකකින් යුක්රේනයේ ළමයින් පස් දෙනෙකු ඇතුලු නව දෙනෙකු මිය යයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 19 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියා ප්‍රහාර දෙකකින් යුක්රේනයේ ළමයින් පස් දෙනෙකු ඇතුලු නව දෙනෙකු මිය ගොස් තිබෙන අතර, මෙම ප්‍රහාරවලින් තවත් කිහිපදෙනෙකු තුවාල ලබා තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කරයි.

මහල් ගොඩනැගිල්ලකට එක් ප්‍රහාරයක් එල්ල වී ඇති අතර එහි සුන්බුන් අතර සිරවුවන් සෙවීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.

විපතට පත් වූවන්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව යුක්රේන බලධාරීන් පවසන අතර, යුක්රේන ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ රටේ සෑම නගරයකටම ප්‍රමාණවත් ගුවන් ආරක්ෂණ පහසුකම් තිබිමේ අවශ්‍යතාව මෙම ප්‍රහාර තුළින් ඉස්මතුවන බවයි.

මේ අතර ප්‍රථම වතාවට රුසියානු භූමියේ දී දිගු දුර බෝම්බ හෙළන යානයක් බිම හෙලු බව යුක්රේනය ප්‍රකාශ කර තිබෙන බව සඳහන් වේ., ගින්නෙන් දැවෙන ගුවන් යානයක් පාලනයෙන් තොරව බිමට වැටෙන ආකාරය වීඩියෝ දර්ශනවල දක්නට ලැබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

BLUE පෙරමුණට

නිශ්මං රණසිංහ ජනවාරි 09, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා විස්සයි...

වත්මන් රජය පිළිබදව ජාත්‍යන්තරයෙන් දැඩි විශ්වාසයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ LNW : ජනතාව රජයට ගෙවන...

පිලිපීනයේ කුණු කන්දක් කඩා වැටීමෙන් එක් අයෙකු මියගොස් 38 දෙනකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පිලිපීනයේ සෙබු නගරයේ...

ආපදා කළමනාකරණ සැලසුමකට සජිත්ගෙන් නව යෝජනාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රැකියා විරහිත උපාධිධාරීන් ද උපයෝගි කර ගෙන...