චීනය සහ එක්සත් ජනපදය හවුල්කරුවන් මිස ප්‍රතිවාදීන් නොවිය යුතුයි – ෂි ජින්පින්

Date:

සටහන: සශිකලා මධුෂාණි,අප්‍රේල් 27,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන්ගේ තෙදින බීජිං සංචාරය ඊයේ(26) ජනාධිපති ෂි ජින්පින්ගේ හමුවීමෙන් අවසන් විය.

ජාතික ආරක්ෂාව, ආර්ථිකය සහ මැදපෙරදිග, යුක්රේනය සහ අග්නිදිග ආසියාවේ භූ දේශපාලනික වෙනස්කම් පිළිබඳ ආරවුල් මධ්‍යයේ මෙම සංචාරය සිදු වූ අතර ජනාධිපති ෂි ජින්පින් එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයාට ප්‍රකාශ කර තිබුණේ, දෙරට ප්‍රතිවාදීන්ට වඩා හවුල්කරුවන් විය යුතු බවත්, බවත් එකිනෙකාට රිදවනවාට වඩා එකිනෙකා සාර්ථක වීමට උදව් කළ යුතු බවත්ය.

එහෙන්ම චීන ජනාධිපතිවරා මෙහිදී වැඩි දුරටත් සඳහන් කර තිබුණේ, සමෘද්ධිමත් එක්සත් ජනපදයක් දැකීමට චීනය සතුටු වන බවත්, ද්විපාර්ශ්වික සබඳතා සැබවින්ම ස්ථාවර කිරීමට, වැඩිදියුණු කිරීමට සහ ඉදිරියට යාමට හැකි වන පරිදි වොෂින්ටනය ද බීජිං සඳහා මෙම දැක්ම බෙදාගනු ඇතැයි බලාපොරොත්තු වන බවයි.

බ්ලින්කන්ගේ සංචාරය වසරකටත් අඩු කාලයකදී ඔහු රටට පැමිණි දෙවන සංචාරය වූ අතර එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් මෙහිදී මාධ්‍ය වෙත සඳහන් කර තිබුණේ, එළැඹෙන එක්සත් ජනපද මැතිවරනයට බලපෑමට සහ තර්කානුකූලව මැදිහත් වීමට චීන උත්සහ කරනු ඇති බවට තොරතුරු තමන් සතු වන බවත් එසේ නොකිරීමට බීජිං වගබලාගත යුතු බවත්ය. කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් චීනය සඳහන් කර තිබුණේ, අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත් නොවන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පිට පිටම දෙවන වරටත් ප්‍රීමා සූරතාව කොළඹ දකුණට,අනු සූරතාව මහනුවරට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 21, කොළඹ LNW: පිට පිටම දෙවැනි වතාවටත්...

අනුන් අනපු කූට්ටමම බෙදන්න එපා

නිශ්මං රණසිංහ දෙසැම්බර් 21, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම...

ජොහැන්නස්බර්ග් නගරය ආසන්නයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 09දෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අද (21) අළුයම...

පොලිස් රාජකාරියට බාධා කළ පුද්ගලයින් පස් දෙනෙකු යාපනයේදී අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, කොළඹ LNW : යාපනය,කන්කසන්තුරය,තිස්ස විහාරය ඉදිරි...