කුට්ටිආරච්ච්ලාගේ සහ නලින් හේවගේලාගේ දේශපාලනය ….

Date:

නලීන් හේවගේ සහ කුට්ටිආරච්චිලා අතර හිරු නාලිකාවේ ඇතිවූ විවාදය ගැන අදහස් සංවාද බොහෝ දුටු අතර ඒ සම්බන්ද මගේ අදහසද දැක්වීමට සිත්විය..

තිස්සකුට්ටිලා ගැන විවේචන මේ වන විට ඕනෑ තරම් ලියවී ඇති බැවින් සහ ඔවුන් දැන් ඉතිහාස කුණු බක්කියට තල්ලූවී ඇති බැවින් ඔවුන් ගැන ලිවීමට කාලය කා නොදමමි..

මෙහිදී ඉතිහාසයේ දැනුවත්ව හෝ නොදැනුවත්ව ජ.වි.පෙ. අනුගමනය කල නිර්ප්‍රජාතන්ත්‍රවාදී ඝාතන දේශපාලනය තවදුරටත් බලය සඳහා සැරසිල්ලක් ආභරණයක් ලෙස උඩ දමදමා විවාද කරන හේවගේ ගැන මට කිවහැක්කේ ඔහු තිස්ස කුට්ටිලටත් අන්ත බවය…

මාළිමාව බලය ලැබීම සඳහා සුදුසු ව්‍යාපාරයක් වීමට නම් ඔවුන් ඔවුන්ගේ 88,89, දේශපාලනය දෙස හැරීබලා එහි වැරදි ගැන විවේචනාත්මකව කියවාගනිමින් තීරනාත්මක ලෙස ඉන් කන්ඩනය වියයුතුව ඇත..

88 – 89 ජ.වි.පෙ. අරගලය තුල මම ද ක්‍රියාකාරිකයෙකුව සිටියෙමි..

88 වර්ශයේ පැවති එක් මැතිවරණයකදී දේශප්‍රේමී ජනතාව්‍යාපාරය විසින් මැතිවරණය පැවැත්වෙන දිනයේදී රට පුරා ඇඳිරිනීතිය පනවනු ලබන බවත් චන්දය බාවිතාකරීමට පාරට බසින අයට මරණීය දඬුවම ලබාදෙන බවත් දැන්වූ පෝස්ටරයක් රටවටා අලවනු ලැබීය…එසේම පෝස්ටරයේ සඳහන්ව තිබූ පරිදිම රටේ කීප තැනකම චන්දය දැමීමට ගිය කීප දෙනෙකුම දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය අතින් වෙඩිකා මරණයට පත්වීමට සිදුවිය..

එල්.ටී.ටී. සංවිධානය විසින් චන්දය බාවිතා කල පුත්ගලයෙකුගේ අත පමණක් කපා දැමූ අතර ජ.වි.පෙ. ඉන් ඔබ්බට ගොස චන්දය බාවිතාකල අය ඝාතන කිරීම දක්වාම ගිය බව කනගාටුවෙන් හෝ මෙහිදී මට කීමට මට සිදුවේ..

වර්තමාන මාළිමාව ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයක් ලෙස බලය ගැනීමට සූදානම් වේනම් 1989 ට පෙර ඔවුන් නිරතව,සිටි දේශපාලනයෙන් ඛණ්ඩනය විය යුතුය.. එසේම ඒ ඝාතන දේශපාලනය වර්තමානයේ බලය සඳහා සුදුසුකමක් ලෙස කයිවාරු ගහන හේවගේ සහ ලාල් වර්ගයේ ගෝත්‍ර මුග්ධත්වයෙන් ගැලවිය යුතුයි..

එසේම හිරු විවාදය තුලදී නලින් විසින් තමන් උගත් ප්‍රබුද්ධයෙකු ලෙසත් ප්‍රතිවාදීන් සාමාන්‍ය මුග්ධයන් ලෙසත් හඳුන්වමින් හැසුරුන උමතු සහ අමන උද්දච්ච බව ශිෂ්ඨ සම්පන්න සමාජයක් විසින් අනිවාර්යයෙන්ම හෙලා දැකිය යුතුය..

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පිත්තෙන් මිනෙත් පන්දුවෙන් රයන් පෙරමුණට

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන...

අතීත පෞඩත්වය අවුස්සන, අලුත් රෙදිපිළි තාක්ෂණය එක්ක හාද අලුත් ක්‍රිකට් ඇදුම

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC), නිල...

ඊශ්‍රායලය විසින් යේමන් අගනුවරට බෝම්බ හෙලයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල නාවික හමුදාව...

නි.ඇමති අරුණ ජයසේකරට එරෙහි විශ්වාසභංගයට නීත්‍යානුකූලභාවයක් නෑ?

කොළඹ LNW:පවතින නීතිමය පසුබිම මත නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට එරෙහිව විශ්වාසභංග...