අර්බුදයට විසඳුම් තියෙන්නෙ රාජපක්ෂලා ලඟ විතරයි, ඊලඟ වසර 05 ත් අපේ තමයි – මහින්දානන්ද

0
913

ඊලඟ වසර 05 සඳහාත් පොදුජන පෙරමුණට රටේ බලය ජනතාව විසින් ලබාදෙනු ඇති බවට පූර්ණ විස්වාසයක් තමන්ට තිබෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා පවසනවා. ඇමතිවරයා මේ බව සඳහන් කළේ නාවලපිටිය ආසනයේ පොදුජන පෙරමුණු තරුණ බලමණ්ඩල රැස්වීම සඳහා සහභාගිවෙමිනි.

වර්තමානයේදී රට මුහුණ පා ඇති සියලු අර්බුදවලට විසඳුම් තිබෙන්නේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයාට ලඟ පමණක් බව පෙන්වා දෙන මහින්දානන්ද අළුත්ගමගේ මහතා පවසන්නේ විපක්ෂය අර්බුද පිළිබඳව කෙතරම් කෑමොර දුන්නද ඒ් කිසිදු අර්බුදයකට ඔවුන් සතුව විසඳුම් නොමැති බවයි.

සජිත් ප්‍රේමදාසලා අනුර දිසානායකලා ජනතාව කෙතරම් පාරට බැස්සුවද, උද්ඝෝෂණ කළද රටේ ජනතාව සිටින්නේ ජනාධිපතිවරයා ප්‍රමුඛ වත්මන් ආණ්ඩුව පිළිබඳව පූර්ණ විස්වාසයෙන් බවත් ඒ අනුව පොදුජන පෙරමුණට තවත් වසර පහකට රටේ බලය ලබාදීමට ජනතාව සූදානම් බවත් අළුත්ගමගේ මහතා සඳහන් කරනවා.

ජනතාව පෝලිම්වල රස්තියාදු වෙමින් විඳින දුක් කම්කටොලු පිළිබඳව ආණ්ඩුව සංවේදී බවත්, ඉතා ඉක්මනින් සියලු ගැටලු විසඳීමට ආණ්ඩුව සමත් වන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here