*
Saturday, September 21, 2024
spot_img

Latest Posts

ඉන්දීය නාවික හමුදා යාත්‍රා පහක් ශ්‍රී ලංකාවට පැමිණේ

“මිත්‍රත්වයේ පාලම්” ගොඩනැගීම ස‍ඳහා ඉන්දීය නාවික හමුදාව ගන්නා ප්‍රයත්නයන් ඉදිරියට ගෙන යමින් ඉන්දීය නාවික හමුදාවේ යාත්‍රා පහක් 2022 මාර්තු  10-19 යන දිනවල ශ්‍රී ලංකා සංචාරයක නිරත විය.

2.      ඉන්දියාවේ නිෂ්පාදිත මාදෙයි, තරිණි, බුල්බුල්, කදල්පුර සහ හරියාල් යන නෞකා මෙලෙස ශ්‍රී ලංකාවට සේන්දු විය. ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහා සාගර යාත්‍රා පුහුණුවීම් සහ අත්දැකීම් ලබා දීම මෙම සංචාරයන්ගේ අරමුණ විය. මෙම නෞකා 2022 මාර්තු 10 වන දින සිට 13 වන දින දක්වා ත්‍රිකුණාමලයේ රැඳී සිටි අතර කාන්තා නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු නාවික හමුදාවේ දහ හතර දෙනෙකු සඳහා කොළඹ සාගර යාත්‍රා කටයුතු පිළිබඳ අත්දැකීම් ලබාදීමේ නිරත විය. වරාය අදියරේදී ඉන්දීය නාවික හමුදා නිලධාරියකු විසින් මෙම නිලධාරීන් සඳහා විශේෂ පුහුණුවීමක් ද ලබා දෙන ලදී.

3.      ඉන්දීය නාවික හමුදා යාත්‍රා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ නිලධාරී කොමදෝරු බී. සිං මහතා ත්‍රිකුණාමලය නැගෙනහිර නාවික ප්‍රදේශය භාර අණදෙන නිලධාරී රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න මහතා සහ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ කොළඹ බටහිර නාවික ප්‍රදේශය භාර අණදෙන නිලධාරී රියර් අද්මිරාල් ඒ. යූ. සී. ද සිල්වා හමු විය. ඉන්දීය නාවික හමුදාව විසින් ලබාදෙන සාගර යාත්‍රා අත්දැකිම් මෙම ත්‍රාසජනක ක්‍රීඩාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරීන්ගේ උනන්දුව ඉහළ නංවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

4.      INSV මාධෙයි නෞකාව 2010 වසරේදී තනිව කොමාන්ඩර් දිලිප් දොන්ඩේ මහතා යටතේ ලොව වටා සංචාරයක නිරත වූ අතර 2012 වසරේදී ලුතිනන් කමාන්ඩර් අභිලාෂ් ටෝමි මහතා යටතේ තනිව නොනවතින සංචාරයක නිරත විය. තවද INSV තරිණි නෞකාව කාන්තා නිලධාරීන් හය දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් වූ නාවික සාගර් පරික්‍රම යටතේ 2019 වසරේදී ලොව වටා සංචාරයක නිරත විය. යාත්‍රා සහ ත්‍රාසජනක ක්‍රීඩා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ උනන්දුව තවදුරටත් වර්ධනය කිරීම සඳහා ඉන්දීය නාවික හමුදාවේ බටහිර විධානයේ අණදෙන නිලධාරී රියර් අද්මිරාල් සමීර් සක්සේනා මහතා ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් අධ්‍යක්ෂ ජෙනරාල් රියර් අද්මිරාල් පී. එස්. මහවිතාන මහතා වෙත 2022 මාර්තු 12 වන දින INS චෙන්නායි නෞකාවේ පැවති උත්සවයකදී නවීනතම තාක්ෂණයෙන් යුත් යාත්‍රා උපකරණ භාර දුන්නේය.

5.      දෙරට නාවික හමුදාවන් අතර මෑතකාලීන අන්තර්ක්‍රියාවන් ගැඹුරින් මුල් බැසගත් මිතුදම් සහ ක්ෂේත්‍රයේ සහෝදරත්වය වඩාත් ශක්තිමත් කර ඇත. ඉන්දීය නාවික හමුදා නෞකාවන්ගේ සංචාරය ඉන්දියාවේ “අසල්වැසියා ප්‍රථමයෙන්”යන ප්‍රතිපත්තිය අනුව දෙරට අතර පවතින සමීප ආරක්ෂක සහයෝගීතාවය සහ එකමුතුබව සංකේතවත් කරයි.

***

කොළඹ

2022 මාර්තු 20

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan