පොඩි චොප්පෙගේ “කිත්සිරි මේලා” බක් මහ උළෙලේ ත්‍යාග ප්‍රදානයට ජනපති එක් වෙයි

Date:

එක්සත් ජාතික පක්ෂ කොළඹ හිටපු නාගරික මන්ත්‍රී කිත්සිරි රාජපක්ෂ මහතා සමඟ මරදාන – සුදුවැල්ල ක්‍රීඩා සමාජය 28 වන වරටත් සංවිධානය කළ “කිත්සිරි මේලා” බක් මහ උළෙල පෙරේදා (27) දිනය පුරා ඩීන්ස් පාර මංසන්ධියේ දී පැවැත්විණි.

එහි ත්‍යාග ප්‍රදානෝත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ සිදුකෙරුණු අතර පළමු, දෙවන සහ තෙවන ස්ථාන දිනාගත් අවුරුදු කුමරියන්ට ත්‍යාග ප්‍රදානය සහ කිරුළු පැළඳවීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

සමස්ත ලංකා අයෝමය ශූරයා තරග ඉසව්වේ පළමු, දෙවන සහ තෙවන ස්ථාන දිනාගත් ජයග්‍රාහකයන්ට සහ පාපැදි ශූරයන්ට ත්‍යාග සහ සහතික පත් පිරිනැමුණේද ජනාධිපතිවරයා අතිනි.

කිත්සිරි රාජපක්ෂ මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ද සමරු තිළිණයක් පිළිගැන්විය.

සුදුවැල්ල මුස්ලිම් සුබසාධක සංගමය සහ අල් මදරසතුල් ජලාලියා කමිටුවේ සාමාජිකයන් විසින් කිත්සිරි රාජපක්ෂ මහතා වෙනුවෙන් පිරිනමන ලද විශේෂ උපහාර තිළිණය පිළිගැන්වීම ද ජනාධිපතිවරයා අතින් සිදු විය.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

කිත්සිරි රාජපක්ෂ යනු දීර්ඝ කාලයක් තිස්සේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට තනතුරු ඇතිදාත් නැතිදාත් වෙනසක් නොමැතිව අතිශයින්ම පක්ෂපාතීව දේශපාලන කටයුතුවල නියැළෙන, ඒ මහතාට ඉතාම හිතවත් ප්‍රාදේශීය දේශපාලනඥයෙකි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කෝටි ගාණක “කුෂ්” කටුණායක ගුවන් තොටෙන් මතුවෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ඊයේ (14) රාත්‍රියේ...

වරායේ සිරවූ බහාලුම් වලට මොකද වෙන්නෙ?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : දින කිහිපයක සිටම,...

සහන ගැන මාධ්‍ය සංදර්ශන දැම්මට චක්‍රලේඛවත් නිකුත් කරලා නැහැ – විපක්ෂ නායක

කොළඹ LNW: විපතට පත් ජනතාවට සහන දෙන බවට මාධ්‍ය...

මහකන්නයට දියවර:ලහි ලහියේ වැඩ අවසන් වෙන බදුල්ලේ වාරි පද්ධති! (PHOTOS)

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:"දිට්වා" පරදන ධෛර්යයේ මහා වාරි මෙහෙයුම අධිෂ්ඨානයෙ...