දිවයින පුරා සංවර්ධන නිලධාරීන් අද ලෙඩවෙයි !

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද (29) දිනයේදී වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නියැළීමට සංවර්ධන නිලධාරී වෘත්තීය සමිති සම්මේලනය තීරණය කර තිබේ.

ඒ අනුව අද දිනයේදී දිවයින පුරා සිටින 14,000 කට අධික සංවර්ධන නිලධාරීන් අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බවයි එම සම්මේලනයේ සභාපති අනුරාධ සෙනවිරත්න මහතා සඳහන් කළේ.

ප්‍රවාහන දීමනා ලබානොදීම, ලිපිද්‍රව්‍ය ලබානොදීම ඇතුළු සිය ගැටලු සඳහා විසඳුමක් ලබානොදෙන්නේ නම් මැයි 06 වනදා සිට වැඩවර්ජනයකට යොමුවීමට තමන්ට සිදුවනු ඇති බවත් ඒ මහතා පැවසීය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බෙංගාල බොක්කේ ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුවක් වෙයි – අද (26) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද...

ඩොලර් උපයාගැනීම සහ ඩොලර් පිටතට ගැලීම අවම කරගැනීම අපේ ප්‍රධාන ආර්ථික උපායමාර්ගය විය යුතුයි – ජනපති

සටහන - රුවන් නෙළුගොල්ල ප්‍රාග්ධන වියදම් වැඩි වන විට ඩොලර්...

හෝමාගම පොලිස් කූඩුවේ සිටි තරුණයකු මරුට. ඥාතීන්ගෙන් පොලීසියට දැඩි චෝදනා

මත්ද්‍රව්‍ය චෝදනාවක් මත හෝමාගම පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන...

ලංකා IOC ඉන්ධන වර්ගයක මිල ඉහළ දමයි

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (25) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක...