ඉන්දියාවත් එක්ක අපි එකට වැඩකරන්න ඕනේ. ඒක තමයි SJB අපේ දර්ශනය – හර්ෂ

ශ්‍රී ලංකාවට ඉන්දියාවත් සමග ඇති සම්බන්ධය ශ්‍රී ලංකාවේ ජනතාවගේ ආදයම් තත්වය ඉහළ නංවා ගැනීම සඳහා භාවිතා කළයුතු බව සමගි ජන බලවේගයේ ආර්ථික කවුන්සිලයේ සාමාජික, පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

“මේ රට සම්පූර්ණයෙන්ම ප්‍රතිසංවිධානය කරලා, ප්‍රතිව්‍යුහගත කරලා ආර්ථික ක්‍රමය වෙනස් කරලා ඉහළට ගේන්න ඕනෙ. ඕගොල්ලො දන්නවා ඇති පීටීආර්. පීටීආර් කියන්නෙ පලනිවේල් තියාගරාජා. (තමිල්නාඩු තොරතුරු තාක්ෂණ හා ඩිජිටල් සේවා අමාත්‍ය සහ තමිල්නාඩුවේ හිටපු මුදල් අමාත්‍ය) මම පලනිත් එක්ක පෙරේදා දවල් කෑම ගත්තා. එතුමා ඇවිල්ලා හිටියා ලංකාවට පැය ගාණකට. තමිල්නාඩු ප්‍රාන්තය කියන්නේ රටක් නම්, ලෝකයේ සීඝ්රයෙන්ම දියුණුවෙන රට. තමිල්නාඩු ප්‍රාන්තය කියන්නේ 2032 වෙනකොට ඇමරිකන් ඩොලර් බිලියන 1000ක් වෙනකල් බලාපොරොත්තු වෙලා ඉන්න තැන. තමිල්නාඩු වෙන්න පුළුවන්, ආන්ද්‍රා වෙන්න පුළුවන්, තෙලෙන්ඟානා වෙන්න පුළුවන්, කර්නාටකා වෙන්න පුළුවන්, කේරළ වෙන්නත් පුළුවන්, මේ ප්‍රාන්ත පහ ගත්තොත් අති දැවැන්ත සීඝ්ර සංවර්ධනයක් මේ ලෝකෙ කොහෙවත් නැති විදියට ඊළඟ අවුරුදු 10 – 15 – 20 එනවා. එහෙම නම් අපේ සාකච්ඡාව අපි පටන් ගත්තා මනෝ. ඒ සාකච්ඡාව අපි එන මාසෙ තමිල්නාඩු ප්‍රාන්තයට ගිහිල්ලා කරමු. අපි කොහොමද කියලා බලමු මේ විශාල ලෙස, සීඝ්රයෙන් දියුණුවෙන ආර්ථිකයත් සමග අපි සම්බන්ධ වෙන්නෙ. කිසිදවසක මේ සම්බන්ධයෙන් අධ්‍යනයක් නොකරපු කට්ටිය ඇවිල්ලා කියනවා ‘අපෝ … ඒගොල්ලො ඇවිල්ලා අපෙ රට අල්ලාගනියි. අපෝ …. ඒ කට්ටියත් එක්ක බිස්නස් කරන්න අපට බෑ’ කියලා. එහෙම කියන කට්ටියට මම කියනවා ‘දන්න දෙයක් කතා කරනවා ඕයි’ කියලා. අපට ඔහොම තමයි කලිනුත් කිව්වෙ. ඉන්දියාව ඇවිල්ලා අල්ලාගන්නවා කිව්වා ඇම්බියුලන්ස් ටික ගේනකොට. ඒ හිනා වෙච්ච කට්ටිය දැන් ඔළුව වැලි ගොඩේ ගහගෙන ඉන්නෙ. අපට ඉන්දියාවත් එක්ක තියෙන සම්බන්ධය අපි පාවිච්චි කරන්න ඕනෙ අපේ රටේ අපේ මිනිස්සුන්ගෙ ආදායම් තත්වය වැඩිකර ගන්න. ඉන්දියාවත් එක්ක අපි එකතුවෙලා වැඩකරන්න ඕනෙ. ඒක තමයි අපේ දර්ශනය”

ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මේ බව පැවසුවේ ඊයේ හැටන් ප්‍රදේශයේ පැවති (28) පැවති රැස්වීමක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රිතාන්‍යයට Boelo කුණාටුවෙන් දැඩි බලපෑම්; නිවාස 82,000කට විදුලියත් විසන්ධි වෙයි!

සටහන – පුලී ඔක්තෝම්බර් 25, LNW (කොළඹ):  බ්‍රිතාන්‍යයට බලපා ඇති Boelo...

බංග්ලාදේශයේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඉන්දියාව අභිබවා යනු ඇතැයි පුරෝකථනය කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 25: ජාත්‍යන්තර...

ඉරාන නාවිකයන් සඳහා කළ මානුෂීය මෙහෙයුම අවසන්: නාවිකයන් තම මව් රට බලා පිටත්ව යයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : ශ්‍රී ලංකා වෙරළ...

වසර 36කට පසු කන්කසන්තුරේට නව තැපැල් කාර්යාල ගොඩනැගිල්ලක්…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : නව ගොඩනැගිල්ලට මුල්ගල...