වරාය නගර පිවිසුම් අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කඩිනම් කරයි – වියදම කිලෝමීටරයට බිලියන 05 යි

Date:

කොළඹ ඉඟුරුකඩේ මංසන්ධියේ සිට වරාය නගර පිවිසුම දක්වා කුළුණු මතින් ඉදිවන අධිවේගී මාර්ගයේ කටයුතු කඩිනම් කිරීමට තීරණය කර තිබෙනවා. කිලෝමීටර් 5.3 කින් සමන්විත මෙම අධිවේගී මාර්ගය 2023 වසර තුළදී අවසන් කරන බවයි මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසන්නේ.

මංතීරු 04 කින් සමන්විත මෙම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් මාර්ග සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය මත චීන සිවිල් ඉංජිනේරු ඉදිකිරීම් සංස්ථාව මගින් සිදු කරයි. මේ සඳහා වැයවන මුදල රුපියල් මිලියන 28002 කි. ආසන්න වශයෙන් කිලෝමීටරයක් සඳහා වැයවන මුදල් ප්‍රමාණය බිලියන 05 කි.

මෙම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම්වල ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ප්‍රගති සමාලෝචන රැස්වීමක් පැවැත්විණි.

කුළුණු මත ඉදිකරන වරාය පිවිසුම් මාර්ගයේ ඉදිකිරීම් ආරම්භවූ මුල් වසර දෙක ඇතුලත එහි ඉදිකිරීම් ඉතාමත් මන්දගාමී අයුරින් සිදු වුන බැවින්, ඉදිකිරීම් වල ප්‍රගතිය 7% ක් වැනි අඩු ප්‍රමාණයක තිබිණි.

නමුත් 2022 වසරේ මුල් කාර්තුව වන විට සමස්ථ ඉදිකිරීම් වල ප්‍රගතිය 32% බවත්, ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට භාවිතා කරන නව තාක්ෂණික ක්‍රමවේදයක් වන පෙර සවි කොන්ක්‍රීට් පාලම් කොටස් සවි කිරීමේ කටයුතුද මේවන විට අඛන්ඩව සිදු කරන බවත් ව්‍යාපෘති අධ්‍යක්ෂ ඉංජිනේරු කේ.ඩබ්ලිව්. කණ්ඩම්බි විසින් මෙම රැස්වීමේදී අමාත්‍යවරයා දැනුවත් කර තිබේ.

කොළඹ වානිජ නගරයට ප්‍රවේශ වීමේදී පවතින අධික රථවාහන තදබදයට ස්ථාවර පිළියම් ලෙස ඉඟුරුකඩේ මංසන්ධියේ සිට අභිනව වරාය නගරයට පිවිසීමට කුළුණු මතින් අධිවේගී මාර්ගයක් ඉදිකිරීමට මහාමාර්ග අමාත්‍යාංශය සහ මාර්ග සංවර්ධන අධිකාරිය සැලසුම් සකස් කරන ලදි. මෙම මාර්ගයේ ඇති සුවිශේෂත්වය නම් පරිසර හිතකාමීව කුළුණු මතින් ඉදිකිරීම් සිදු කිරීමයි.

අධිවේගී මාර්ගය පිවිසුම් 5 කින් සමන්විත වේ. ඒවා නම් ඉඟුරුකඩේ පිවිසුම, පිටකොටුව විමලධර්ම ආයතනය අසල පිවිසුම, අලුත් මාවතේ පිවිසුම, ගාලුමුවදොර පිවිසුම සහ වරාය නගරයට ඇතුළු වීමේ පිවිසුම වේ.

මෙම අධිවේගී මාර්ගය වරායේ සිට බාධාවකින් තොරව කන්ටේනර් බහලුම් ප්‍රවාහනය සඳහා නව ප්‍රවේශ මාර්ගයක් වේ.

ඉඟුරුකඩේ මංසන්ධිය අසල පිවිසුමේ දී මෙම කුළුණු මත ඉදිවන වරාය පිවිසුම් අධිවේගී මාර්ගය නව කැලණි පාලම මතින් පැමිණෙන මාර්ගය හා සම්බන්ධවේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුන්දර් පිචායි නිල වශයෙන් බිලියනපතියෙකු බවට පත් වේ

සටහන: සශිකලා මධුෂාණි ජුලි 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගූගල් හිමිකාරීත්වය දරන...

එක්ස්ප්‍රස් පර්ල් නඩු තීන්දුව අධ්‍යනය කිරීමට නීතිපතිගෙන් කමිටුවක්

ශ්‍රී ලංකා මුහුදු තීරයේදී ගිනිබත් වූ එක්ස්ප්‍රස් නෞකාව සම්බන්ධයෙන්...

අපි එහෙම මිනිස්සු ….

උදම් රළ නැඟී විත්ජීවිතේ කඳු මුදුන් තිගැස්සූරිදුම් හැදුවේ අපියිඅපි...

කොඩි දාන්ට ලයිට් කණු බඩගාන අය හිතන් ඉන්න දේ සහ ඇත්තටම වෙන දේ ….

ඕනෑම දේශපාලන පක්ෂයක කොඩිවැල් අදින්ට ලයිට් කනු දිගේ බඩගාන...