ස්පාඤ්ඤය උණුසුම්

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීම මගින් අර්බුධයක් නිර්මාණය කල ඉහල යන භාණ්ඩ මිල ගණන් පාලනය කිරීමට ස්පාඤ්ඤ මධ්‍ය-වාම ආන්ඩුව අපොහොසත් වීම නිසා විරෝධයක් හටගෙන ඇත.

මෙම විරෝධය සඳහා ගොවීන් සහ සත්ව පාලනයේ යෙදෙන්නන් 150,000 පමන පසුගිය ඉරිදා මැඩ්රිඩ් නගරය හරහා පෙළපාලි පවත්වන්නට විය

දක්‍ෂිණාංශික වොක්ස් පක්ෂය විසින් කැඳවන ලද දහස් සංඛ්‍යාත පෙලපාලිකරුවන් සම්බන්ධවු ඉහල යන ආහාර, බලශක්ති සහ ඉන්ධන මිලට එරෙහිව විරෝධතා දැක්වීමෙන් දිනකට පසුව මෙම මහජන පෙලපාලිය සංවිධානය වී තිබේ.

එය ස්පාඤ්ඤයේ මිලියන 10 ක ජනතාවක් නියෝජනය කරන , ග්‍රාමීය සන්ධානය (Rural Alliance) විසින් සංවිධානය කරන ලද්දක්.

ස්පාඤ්ඤ ධජ ඔසවමින් පෙලපාලිකරුවන් පසුගිය ඉරිදා අගනුවර මැද වීදි හරහා ඇවිද යමින්, ට්‍රැක්ටර් මගින් ඔවුන්ගේ නලා හඬ නංවමින් සිය ආණ්ඩු විරෝධය ප්‍රකාශයට පත් කරන්නට විය.

නමුත් අඩු ලාභ ලබන අවස්ථාවක ඉන්ධන සහ පොහොර මිල ඉහළ යන බවට නිෂ්පාදන සමාගම් මැසිවිලි නගයි. සුනඛ අභිජනනය සීමා කිරීම සහ සත්ව දඩයම් කිරීම සීමා කරන නව සත්ව සුභසාධන රෙගුලාසි සම්බන්ධයෙන් විරෝධතා කරුවන් අගමැති පේද්‍රෝ සැන්චෙස්ගේ රජයදැඩිව විවේචනය කරන්නට විය.

පසුගිය වසරේ, ස්පාඤ්ඤයේ බලශක්ති මිල ගණන් 72% කින් ඉහළ ගිය අතර, එය යුරෝපා සංගමය තුල ඉහලම අගයක් වාර්තා කලේය.

කොවිඩ් වසංගතය උණුසුම මැද, රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසු පැවති පිරිවැය ඊටත් වඩා ඉහළ ගොස් දැඩි දේශපාලන උණුසුමක් රටතුල නිර්මාණය වී තිබේ.

එසේම පසුගිය සඳුදා ස්පාඤ්ඤ ලොරි රථ රියදුරන් ඉන්ධන මිල සම්බන්ධයෙන් වැඩ වර්ජනයක් ප්‍රකාශයට පත් කළ අතර එය ඉක්මනින්ම මහජන විරෝධතාවයක් දක්වා වර්ධනය විය.

සහන් හේවාගමගේ – අවුට්බවුන්ඩ් ටුඩේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...