රතුපස්වල ඝාතන නඩුවේ තීන්දුව කල්යයි

Date:

පිරිසිදු ජලය ඉල්ලා උද්ඝෝෂණය කළ ගම්පහ රතුපස්වල ප්‍රදේශවාසීන්ට වෙඩි තබා පුද්ගලයින් තිදෙනෙකු ඝාතනය කර තවත් පිරිසකට තුවාල කිරීම සම්බන්ධයෙන් යුද හමුදා බ්‍රිගේඩියර්වරයෙකුට සහ හමුදා සෙබළුන් තිදෙනෙකුට එරෙහිව ගොනු කළ නඩුවේ තීන්දුව ප්‍රකාශ කිරීම මැයි 17 වනදා දක්වා කල්තැබීමට ගම්පහ මහාධිකරණය ඊයේ (30) නියම කළේය.

එම නඩු තීන්දුව ඊයේ දිනයේදී ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබිණි.

කෙසේවෙතත් පැමිණිල්ල සහ විත්තිය යන දෙපාර්ශ්වයේම ලිඛිත දේශන ප්‍රමාද වීම හේතුවෙන් මෙසේ තීන්දුව ප්‍රකාශයට පත්කිරීම කල්ගොස් ඇති අතර ඊයේ දිනයේදී නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් කිසිවකු එම නඩුව වෙනුවෙන් අධිකරණයේ පෙනී නොසිටි බවත් වාර්තා විය.

ගම්පහ, රතුපස්වල ප්‍රදේශයේ ක්‍රියාත්මක වූ පෞද්ගලික කර්මාන්ත ශාලාවකින් පිටවන අපද්‍රව්‍ය මගින් සිය පානීය ජලය අපවිත්‍ර වී ඇති බව පවසමින් එම ප්‍රදේශවාසීන් 2013 අගෝස්තු 01 වනදා වැලිවේරිය ප්‍රදේශයේ උද්ඝෝෂණයක නිරත වූ අතර එහි කඩාවැදුණු බ්‍රිගේඩියර්වරයකු ප්‍රමුඛ යුධ හමුදා කණ්ඩායමක් විසින් සිදුකළ වෙඩිතැබීමකින් පාසල් සිසුන් දෙදෙනෙකු සහ තවත් තරුණයකු මරුමුවට පත්වූ අතර තවත් පුද්ගලයින් 50 කට වැඩි පිරිසක් තුවාල ලබා තිබිණි.

සිද්ධිය සම්බන්ධයෙන් අදාළ බ්‍රිගේඩියර්වරයා ඇතුළු හමුදා සාමාජිකයින් සිව් දෙනෙකුට එරෙහිව අධිචෝදනා 94ක් ගොනුකරමින් මෙම නඩුව පවරා තිබේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සාවාරු ගං ඉවුරෙන් හමු වූ අත්බෝම්බ සහ උණ්ඩ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 04, කොළඹ LNW : අද (04)දින කින්නියා...

සජිත් සමාව ගනී!

කොළඹ LNW: පසුගියදා මහනුවර නගර සභා පරිශ්‍රයේදී සෝමේ (soome)...

හානියට පත් නිවාස සහ ඊට අදාළ වන්දි ලබා දීමේ ක්‍රියාවලිය පිළිබඳ සොයා බැලූ ජනපති අනුර!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 04, කොළඹ LNW : ආපදා තත්ත්වය හේතුවෙන්...