හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පහුගිය දවස්වල පොතක් ලියලා තිබුණා. ඒකෙ නම “ජනාධිපති ධුරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය”. ඕකෙ “කුමන්ත්‍රණය” කියන කෑල්ල තමයි ලොකුවට ප්‍රින්ට් කරලා තියෙන්නෙ. අර පොඩි අකුරින් තියෙන ටික ප්‍රින්ට් කරද්දී පොඩ්ඩක් වැරදිලා කියලාත් කට්ටිය කියනවා. ඒක හරි නම් එන්න තිබ්බේ “ජනාධිපති ධුරයට මා පත්කිරීමේ කුමන්ත්‍රණය” කියලා ලු.
මොකද, ඕකෙන් අන්තිමේ වුණේ කන්න නැතත් ඉන්න රටක් ඕනෙය කියලා ගෝඨාව ජනාධිපති කරපු උන්දැලාට කන්නත් නැතිවෙලා ඉන්න රටකුත් නැතිවෙච්ච එක. ඒ ගොඩක් අය දැන් වෙන රටවල්වලට පැනලා එහේ ඉඳන් ආයෙත් මේ රට හදන්න ටෝක්ස් දෙනවා. අනිත් අතට ජනාධිපතිකමෙන් ගෝඨාට වුණේ යන්න රටකුත් නැතිවෙච්චි එක. ඇමරිකන් පුරවැසිකමත් නැතිවුණා, අරගලය මැද්දේ ලංකාවෙන් පැනලා ගිය වෙලාවේ ලෝකෙ ගොඩක් රටවල් එයාව බාරගත්තෙත් නෑ.
කොහොමත් වුණත් ගෝඨාභයේ ජනාධිපතිකම ගැන කතාවෙද්දී ඔය රාජපක්ෂ පවුලේම ඥාතියෙක් වෙන කෙනෙක් මෑතකදී මරු කතාවක් කියලා තිබුණා.
“ඔය පවුලට හිටියේ පිස්සො දෙන්නයි. එක්කෙනෙක් අකුරැස්සෙ බාප්පා. එයා බීලා බීලා කලින්ම මැරිලා ගියා. ඊළඟට නන්දෙ බාප්පා. ඔය මනුස්සයා වෙලාවකට බිත්තියක් ඉස්සරහා පුටුවක් තියාගෙන ඉඳගෙන ඔහේ බිත්තිය දිහා බලාගෙන ඉන්නවා පැය තුනක් විතර. පොරට පිස්සු. එහෙව් නන්දෙ බාප්පාවත් ජනාධිපති කරගත්තු රටක් නෙ මේක”
අපි නෙවෙයි, එයාලාගෙ පවුලේ ඥාතීන්ම කියන එව්වා ඔය. කොහොම වුණත් එයාව ජනාධිපති කරගෙන මේ රට මෙහෙමවත් බේරිලා තියෙන එකත් ලොකු දෙයක් වගේ බලාන ගියාම ….