සජිත්ලාත් සර්ව පාක්ෂික සමුළුව වර්ජනය කරයි

ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් 23 වැනිදා පැවැත්වීමට සැළසුම් කර තිබෙන සර්ව පාක්ෂික සමුළුව වර්ජනය කිරීමට විපක්ෂයේ ප්‍රධාන කණ්ඩායම වන සමගි ජන බලවේගය තීරණය කර තිබෙනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද රැස් වූ සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම මෙම තීරණයට එළඹ තිබේ.

රට මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදය ඇතුළු ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මෙම සර්ව පාක්ෂික සමුළුව කැඳවා ඇති අතර ඒ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවලට ආරාධනා කර තිබෙනවා.

කෙසේ නමුත් සමුළුව වර්ජනය කිරීමට ජාතික ජන බලවේගය ඊයේ තීරණය කළේය.

මීට අමතරව ආණ්ඩු පාර්ශ්වය නියෝජනය කරන විමල්-ගම්මන්පිල-වාසු ඇතුළු කණ්ඩායමේ බොහෝ පාර්ශ්වද සමුළුව වර්ජනය කිරීමට තීරණය කර තිබේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ධීවර ක්ෂේත්‍රය මුහුණ දෙන ප්‍රධාන ගැටලුවකට JICA වෙතින් නව විසඳුම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ධීවර...

Elephant Transit Home : අලි වෙනුවෙන් අලුත් වැඩක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : පොළොන්නරුවේ කලහගල ප්‍රදේශයේ...

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...