ජනාධිපති කිව්වාට 1700 වැටුප දෙන්න බෑ – වතු හාම්පුතුන්ගේ සංගමය

Date:

තේ කිලෝග්‍රෑමයක් නිෂ්පාදනය කිරීම සඳහා වැයවන අධික පිරිවැය හමුවේ වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1700 දක්වා ඉහළ නැංවීම කළ නොහැක්කක් බව වතු හාම්පුතුන්ගේ සංගමය පවසයි.

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප අප්‍රේල් 30 වනදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 1700ක් දක්වා ඉහළ දැමූ බවට ගැසට් නිවේදනයක් ද නිකුත් කර ඇති නමුත් තේ වතු සමාගම් සමග කිසිදු සාකච්ඡාවකින් තොරව එම ගැසට් පත්‍රය නිකුත් කර ඇති බැවින් එම ගැසට් පත්‍රය බලරහිත කිරීම සඳහා වතු සමාගම් අධිකරණය හමුවට යාමට පියවර ගෙන ඇති බවයි එම සංගමයේ ඉහළ නිලධාරියෙකු ප්‍රකාශ කළේ.

එමෙන්ම, මේ පිළිබඳව වතු සමාගම්වල ඉහළ නිලධාරීන් සමග විශේෂ සාකච්ඡාවක් අද (02) කොළඹදී පැවැත්වීමට නියමිත බවත් ඉන් අනතුරුව නීතිමය ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවට ප්‍රබල භූතානයෙන් ගෝල පහක්

නිශ්මං රණසිංහ ජනවාරි 20, කොළඹ LNW: දකුණු ආසියානු ෆුට්සාල් තරගාවලියේ...

නන්දනගේ අන්තිම කැමති පත්‍රය.

සාමාන්‍යයෙන් මෙලොව හැර යන ඕනිම කෙනෙකුට අවසන් කැමැත්ත කියලා...

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට තවත් එළියක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:2026 හොඳම මධු­ස­මය ගම­නාන්ත ස්ථාන 10 අත­රට...

දිට්වා ආපදාව: විශේෂ කාරක සභාවට අනුමැතිය හිමිවෙයිද?

කොළඹ LNW:සුබසාධන ප්‍රතිලාභ පනත යටතේ අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ ගෙවීමේ...