පෝලිමේ ඇදවැටී සිදු වූ තෙවැනි මරණයත් වාර්තා වෙයි – දින තුනට මරණ තුනයි

Date:

මීරිගම ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක ඉන්ධන ලබා ගැනීම සඳහා පෝලිමේ සිටි පුද්ගලයෙකු මරණයට පත්ව තිබෙනවා. අදාල පුද්ගලයා පිරවුම්හල තුළ ඇදවැටීමෙන් මෙම මරණය සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

අදාල පුද්ගලයා බූලි කිහිපයක් රැගෙන ඉන්ධන ලබා ගැනීමට පැමිණ ඇති අතර ඉන්ධන රැගෙන යළි පිටත්ව යාමට සූදානම් වන අවස්ථාවේදී පිරවුම්හල් පරිශ්‍රය තුළ ඇදවැටී තිබෙනවා. අනතුරුව අවට සිටි පුද්ගලයන් ඔහු මීරිගම රෝහලට ඇතුළත් කර තිබේ.

මෙලෙස මියගොස් තිබෙන්නේ මීරිගම ප්‍රදේශයේ පදිංචි 76 හැවිරිදි පුද්ගලයෙකි.

ඉන්ධන පෝලිම්වල සිදු වූ තෙවැනි මරණය මෙය වන අතර මීට පෙර ඊයේ කඩවත පිරවුම්හලකින් සහ පෙරේදා යටිනුවර පිරවුම්හලකින් මෙවැනි සිදුවීම් වාර්තා විය. ඒ අනුව දින තුනක් තුළ ඉන්ධන පෝලිම්වල සිටි පුද්ගලයන් තිදෙනෙකු මියගොස් ඇත.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරානය මත අත තබා නිව්යෝක් ඉතිහාසයේ ප්‍රථම මුස්ලිම් නගරාධිපතිවරයා දිවුරුම් දේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ස්විට්සර්ලන්තයේ අලුත් අවුරුදු උදාවත් සමඟ ඇති වූ ගින්නක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...