මඟීන් 132 රැගත් චීන ගුවන් යානයක් ගුවංෂි කඳුකරයේ දී කඩාවැටෙයි!

Date:

මඟීන් 132 රැගත් චයිනා ඊස්ටර්න් ගුවන් සමාගමට බොයිං 737 අයත් ගුවන්යානය ගුවංෂි ප්‍රාන්තයේ කඳුකර කලාපයේ කඩා වැටී තිබේ.

කුන්මිං සිට ගුවංෂෝ වෙත පියාසර කළ මෙම ගුවන්යානය ගුවංෂි කඳුකර කලාපයේ කඩා වැටී ගිනිගෙන තිබේ.

අනතුරෙන් දිවි ගලවා ගත් පුද්ගලයන් පිළිබඳ පැහැදිලි තොරතුරක් වාර්තා නොවන අතර, මිය ගිය පුද්ගලයන් පිළිබඳව ද යාවත්කාලීනයක් තවම නොමැත.

ජීවිතාරක්ෂක කණ්ඩායම් යානය කඩා වැටුණු ප්‍රදේශය වෙත යවා ඇති අතර, අදාළ කලාපයේ වනපෙදෙසේ දරුණු ගින්නක්ද මෙමඟින් හට ගෙන ඇත.

මෙම සිදුවීමේ දසුන් මේ වන විට සමාජ මාධ්‍ය ජාලා වල හුවමාරු වෙමින් පවතී.

එමෙන්ම චීනයේ සිවිල් ගුවන් සේවා පරිපාලනය ප්‍රකාශ කර ඇත්තේ සිය විමර්ශකයින් ද එම ස්ථානයට යවා ඇති බවයි.

සාමාන්‍යයෙන් චීනයේ ගුවන් සේවා ඉතා ආරක්‍ෂිත වන අතර මීට පෙර මහා ගුවන් අනතුරක් සිදුව ඇත්තේ වසර 12කට පෙරය.

එම අනතුරින් පුද්ගලයින් 42ක් මිය ගොස් ඇති බවද වාර්තා වී තිබුණි.

අවුට්බවුන්ඩ් ටුඩේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වටගලගෙන් බිලියන 10ක වන්දි වශයෙන් ඉල්ලා එන්තරවාසියක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 14, කොළඹ LNW : නීතඥ සුනිල් වටගල...

රාජකීයත්වයේ උරුමය සමඟින් III වන චාල්ස් රජු සිය 77 වන ජන්ම දිනය සමරයි!

සටහන – පුලී නොවැම්බර් 14, කොළඹ (LNW): අද (නොවැම්බර් 14)...

24 වැනිදා සිට කාඩ් එකෙන් බස් ගාස්තු ගෙවන්නත් අවස්ථාව!

කොළඹ LNW:ඩිජිටල්කරණ ව්‍යපෘතියට සමගාමීව ළැඹෙන 24 වැනිදා සිට ඕනෑම...