කොළඹ LNW:මේ වන විට ගෑස් මිල පහත වැටීම සහ එළවළු මිල පහත වැටීම හේතුවෙන් ආපනශාලා ආහාර මිලත් පහත දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ශාන් මහතා පවසයි.
ඒ අනුව ප්‍රයිඩ් රයිස්,කොත්තු මිල රු.20කින් අඩු වෙන අතර කෙටි ආහාර රු.10කින් අඩුවීමට නියමිතයි.
මෙම ආහාර මිල අඩුවීමට ප්‍රධාන ලෙස බලපා ඇත්තේ ගෑස් සමාගම් දෙකම මිල අඩුකිරීමට කටයුතු කිරීමයි.
කෙසේවෙතත් ප්ලේන්ටිය සහ කිරි තේ මිල අඩු නොවන බවයි සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසන්නේ.
ASK