ජනාධිපතිවරණය : රනිල් ගැන තවම තීරණයක් නෑ. අපෙන් සහාය ඉල්ලලාත් නෑ – මහින්ද

Date:

ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබාදෙන්නේද යන්න සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙතෙක් තීරණයකට පැමිණ නොමැති බවත් රනිල් වික්‍රමසිංහ මහතා ද මෙතෙක් තම පක්ෂයෙන් එවන් සහාය ඉල්ලීමක් සිදුකර නොමැති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ප්‍රශ්නය – ජනාධිපති අපේක්ෂකයා කවුද කියලා තීරණය කරලා තියෙනවාද ?

“තවම නම් නෑ … අපි අපේක්ෂකයෙක් දානවා”

ප්‍රශ්නය – ඔබතුමා අදහස් කරන විදියට මොන වගේ අපේක්ෂකයෙක්ද ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නෙ ?

“දිනන්න පුළුවන් අපේක්ෂකයෙක්”

ප්‍රශ්නය – වර්තමාන ජනාධිපතිතුමාට සහාය දීමේ බලාපොරොත්තුවක් තියෙනවාද පක්ෂයේ ?

“තවම නැහැ මං හිතන්නෙ. අපෙන් ඉල්ලලා නෑ එහෙම සහයෝගයක්”

මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ඊයේ (03) වැල්ලවත්ත මයුරපති කෝවිල වැඳපුදා ගැනීමට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නීතීඥ ජගත් ලියනාරච්චි තොරතුරු දැනගැනීමේ කොමිසමෙන් ඉල්ලා අස්වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාවේ...

පොලිස් වෙඩි පහරින් සැකකරුවකු මරුට !

වැලිකන්ද ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් පිරිසකට මන්නයකින් පහරදීමට තැත් කළ...

ජර්මානු චාන්සලර් ෆ්‍රෙඩ්රික් මර්ස් සමඟ අගමැති නරේන්ද්‍ර මෝදි සරුංගල් යවයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 11: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අගමැති නරේන්ද්‍ර මෝදි...

සමසෞඛ්‍ය විරෝධය යළි ඇරඹෙයි. මහ වැසි නොතකා උද්ඝෝෂණයේ! (PHOTOS)

කොළඹ LNW:සම සෞඛ්‍ය උපාධිය රැකගැනීම සඳහා ව්‍යාපාරය විසින් අද...