සමුළු තියල රටේ ප්‍රශ්න විසඳන්න බැහැ.හොඳම විසඳුම මේ ජනාධිපති ගෙදර යන එක! (VIDEO)

0
334

රට දැන් මුහුණ දී සිටින ප්‍රශ්න විසඳීම සර්ව පාක්ෂික සමුළුවලින් කළ නොහැකි අතර කළ යුත්තේ ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ගෙදර යෑම බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවසුවේය.

ඒ, අද (21) සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායම හා පක්ෂ නායක හමුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

පසුගියදා ජනාධිපතිවරයා ජනතාව අමතා කළ කතාවේදී පැවසුවේ ජනතාවගේ ඉල්ලීම පරිදි දේශපාලනයට පැමිණියා මෙන් දැන් ජනතාව හඬට කන්දී වහාම ගෙදර යා යුතු වන බවත් මෙහිදී මන්ත්‍රීවරයා පසන ලදී.

ආණ්ඩුවේ පොහොට්ටු පක්ෂය සහ සෙසු පක්ෂ අතර පවතින අර්බුද වසාගැනීමට මෙලෙස සමුළුවක් කැඳවා තිබෙන බවත් රටේ අර්බුද විසඳීමට සමඟි ජන බලවේගය වසර දෙකහමාරක සිට යෝජනා ඉදිරිපත් කර සිටි නමුත් ඒවා ගැන ආණ්ඩුව සැලකිල්ලක් දක්වා නැති බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.

ASK

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here