මගේ උපරිම සහයෝගය ජනපති රනිල්ට – ලොහාන්

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 04, කොළඹ (LNW): අද (04) දින ලොහාන් රත්වත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ උපරීම සහයෝගය ලබාදෙන බව ප්‍රකාශ කළේය. 

වැවිලි කර්මාන්ත හා මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මේ බව සඳහන් කළේ මහවැලි ජනපදිකයන් වෙත “උරුමය” වැඩසටහන යටතේ සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ සමාරම්භක උත්සවයට පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේදී අද එක් වෙමිනි.

ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වූ අයෙකි.

ලොහාන් රත්වත්තේ මහතා වැඩිදුරටත් පැවසූවේ,

“මාගේ ජීවිත කාලය තුළ ඔබතුමාට විරුද්ධව වැඩ කරපු කෙනෙක්. මම කවදාවත් විශ්වාස කළේ නැහැ ඔබතුමත් එක්ක වැඩ කරන්න ලැබෙයි කියලා. කෙසේවුවත් අද මම ආඩම්බර වෙනවා ඔබතුමාගේ රජයක රාජ්‍ය ඇමතිවරයෙක්වීම ගැන.” 

“අපේ පක්ෂයේ අපේ වැරදිත් තිබ්බා… රජයට පාලනය කරගන්න බැරි අවස්ථාවක ඔබ මේ වගකීම භාර ගත්තා.”

“අද ජනාධිපති අපේක්ෂකයින් වැහි වැහැලා. කටින් බතල හිටවන අය මේ රටේ බෝක්කුවක්වත් හදලා නැහැ. ඒ නිසා අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා නැවත මේ රට භාරගන්න කියලා. පෞද්ගලිකව මගේ උපරිම සහයෝගය ඔබතුමාට ලබාදෙන බව මම මෙහිදී ප්‍රකාශ කිරීමට කැමතියි.” ලෙස හෙතෙම පැවසුවේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කලාව සහ රුධිරය සමඟ පොර බඳිමින් යුධ ඡායාරූපකරණයෙන් පන්නරය ලත් Don McCullin ගේ ශ්‍රේෂ්ඨතම ඡායාරූප!

සටහන – පුලී ඔක්තෝම්බර් 30, කොළඹ (LNW): යුධ ඡායාරූප ශිල්පීන්...

සිසු අරගලයේ පහන් තරුව ත්‍රිමා විතාන 37 වන සැමරුම! (PHOTOS)

කොළඹ LNW: ත්‍රිමා 37 වන සැමරුම අද (30) කොළඹ...

සුරාබදු දෙපාර්තමේන්තුවේ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් 05ක් CID අත්අඩංගුවට!

ප්‍රකාශයක් ලබා දීම සඳහා පැමිණි අවස්ථාවේ , සුරාබදු දෙපාර්තමේන්තුවේ...

පොලිස් තනතුරු කිහිපයක් ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30 කොළඹ LNW: ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් පස්...