මහාචාර්ය නලින් ගැන හඳගමගේ මතක ….

Date:

මහාචාර්යය නලින් ද සිල්වා මට අනුව (නිර්මාල් කියන විදිහට) යුගයක නිර්මාතෘවරයෙක් තමයි. අපි කැම්පස් එකේ ඉන්න කාලේ නලීන්ගේ ගෝලයෝ මේසවල් උඩට නැගලා ජාතික චින්තනය ගැන කතා පවත්වනකොට අපි හිනා වුනා. ඒ උනාට පසු කාලෙක ඇත්තට හෝ බොරුවට ඒ මතවාදය රටේ පාලක පන්තියේ මතවාදය බවට පත්වුණා.

දවසක් මං නැති තැනක මට හොඳටම දෙසා බානවා ආරංචි වෙලා මං එතනට අනාරාධිතව ගියා. ගිහින් ඉස්සරහා පේලියේම ඉඳගත්තා. මහාචාර්යතුමාට මළ පැන්නා. දත්මිටි කාලා, ගිරිය පුප්පලා මාව පෙන්නලා ඔහු කීවේ ‘මේ ඉන්නේ බටහිර ගැත්තෙක්’ කියලා. එහෙම කියලා ඔහු තම කතාව දිගටම කරගෙන කියාගෙන ගියා. මාවත් මගේ සිනමාවත් පතුරු ගැහුවා. මම ඔහුට උත්තර දෙන්න ගියේ නැහැ. ඒත් බටහිර ගැත්තෙක් කියලා මාව හඳුන්වපු එකට මට පිළිතුරක් තිබුණා. මං ස්ටේජ් එකට නැගලා ඒක කිව්වා.

මං කිව්වේ මෙහෙම දෙයක්:

“මං බටහිරට ගැති වෙනවා එක කාරණාවකදී. බටහිර විද්‍යාව විසින් හොයාගෙන, නිර්මාණය කර ඇති මෙවලම් විසින් මාව ශික්‍ෂණය කරනවා. උදාහරණයකට මගේ කටහඬ ශික්ෂණය කරනවා මේ මයික්‍රෆෝනය විසින්. මට ගිරිය පුප්පලා, අඩි පොළොවේ ගහලා කෑගහන්න ඕනේ නෑ. හෙමීට කතා කරපුවහම ඇති. මගේ කටහඬ මේ මයික්‍රෆෝනය විසින් උකහාගෙන, මේ Amplifiers වලින් වැඩි කරලා, speakers වලින් හැමෝටම අහන්න ඉඩ සලසනවා. professor නලින් වගේ කෑගහන්න ඕනේ නැහැ. ” කියලා. (‘සුළඟ එනු පිණිස’ ‍ සිනමා පටය පිළිබඳ කැලණි සරසවියේ පැවැති සම්මන්ත්‍රණයේදී. )

නිර්මාලුත් හිටියා ඒ සභාවේ. ඔහු එක්කත් පැටලුනා මට මතකයි . පස්සේ අපි හැමෝම සුහදව කතා කරලා තේ එහෙමත් බීලා තමයි විසිර ගියේ.

මහාචාර්ය නලින් කවදාවත් මගේ චිත්‍රපටියක් බලලා නැහැ. ඒ උනාට විචාරය නං කරලා තියෙනවා ඇති තරම්. ඔහු කියන්නේ ඒවා විචාරය කරන්න බලන්න ඕනෑ නැහැ කියලා. ඒ උනාට ඒ කාලේ මාඝාත නාට්‍යයේ දර්ශනයකට ප්‍රධාන අමුත්තා විදිහට සහභාගි වුණා. සහභාගී වුණා විතරක් නෙවෙයි හොඳ කතාවකුත් කළා.

කොහොම වුනත් නලීන්ද සිල්වා කියන්නේ තමන්ගේ විෂය, ගණිතය පිළිබඳව, විශේෂයෙන් ක්වොන්ටම් භෞතික විද්‍යාව පිළිබඳව ප්‍රාමානික උගතෙක්. ස්වභාවධර්මයේදී ‘නිවැරදි පිහිටීම’ සහ ‘නිවැරදි ප්‍රවේගය’ යන්න එක්ව ගත්විට තේරුමක් නෑ.( exact position and exact velocity together, have no meaning in nature) කියලා දවසක් ඉගැන්නුවා . ඒ උනාට සුචරිත ගම්ලත් කියනවා වගේ සමාජ විද්‍යාවන් වගේ විෂයන්ට පැන්නහම පිස්සු කෙළිනවා.

මහාචාර්ය නලීන්ද සිල්වා ‘ඔබට සුභ ගමන්’ කිව්වට වැඩක් නෑ. ‘අපි ආයේ කවදාවත් හම්බවෙන්නේ නැහැ’ කිව්වට විශ්වාස කරන්නෙත් නැහැ. ඒ නිසා ඔහුට නිවන් සුවම ප්‍රාර්ථනා කරමු.

~ අසෝක හඳගම

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Oxford ඉංග්‍රීසි ශබ්දකෝෂයට ඇතුළත් වුණු ශ්‍රී ලාංකේය අනන්‍යතාවය! Milkrice වෙනුවට “Kiribath”!

2025 ජුනි මාසයේදී, ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ශබ්දකෝෂය (OED) නිල වශයෙන්...

හිටපු සෞඛ්‍ය ලේකම් අත්අඩංගුවට!

කොළඹ LNW:සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා...

මැදපෙරදිග කලාපයේ ක්‍රියාත්ම වෙන්නේ ඇමරිකානු බළල් අතක් – කුමාර් ගුණරත්නම්

මැදපෙරදිග අධිරාජ්‍යවාදි යුද්ධය සහ එහි දේශපාලනය පිළිබඳව පෙරටුගාමී සමාජවාදී...

කෙහෙළිය ඇතුළු 12ක අධි චෝදනා ගොණු කරයි!

කොළඹ LNW:ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන්...