සටහන – රෂිකා හෙන්නායක
මැයි 07, කොළඹ (LNW):
උතුරෙන් දකුණෙන් සෑම පළාතකින්ම මැයි රැළිය සඳහා ජනතාව සහභාගි වූ බවත් එය සාර්ථක මයි රැළියක් කරගත් බව ශ්රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේදී අද (07) පැවති ප්රවෘත්ති සාකච්ඡාවට සහභාගි වෙමින් පාර්ලිමේන්තු මන්ත්රී රෝහිත අබේගුණවර්ධන පැවසීය.
රටේ කම්කරුවන් වෙනුවෙන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා විසින් රටේ බෙදී සිටි කම්කරුවන් හට දෙව්න්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා ගමන් කරමින් මැයි දිනය සැමරීමට අවස්ථාව ලබා දුන් නායකයා බව අබේගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.