(VIDEO):නන්දලාල් ආපහු ඇනගෙනද? චරිත සහ විමල් මහ බැංකුවේ රෙදි යළි ගලවයි!

Date:

කොළඹ LNW:ශ්‍රී ලංකා මහ බැංකුවේ හැසිරීම සම්බන්ධයෙන් යළිත් වරක් පාර්ලිමේන්තුවේ විශේෂ අවධානයට යොමුව තිබෙනවා.

මහා බැංකුවේ වාර්ෂික ආර්ථික විවරණ තුළ ඔවුන් දක්වා ඇත්තේ ශ්‍රී ලංකා රාජ්‍ය සහ මහ බැංකුව එලෙස දැක්විය නොහැකි අතර මහ බැංකුව ශ්‍රී ලංකා රාජ්‍යයේම කොටසක් වන බවයි මහාචාර්ය චරිත හේරත් මහතා පැවසුවේ.

මේ අතර මුදල් අමාත්‍යාංශයේ සහ මහ බැංකුවේ ඉදිරිපත් කර තිබෙන කරුණු වල විශාල පරස්පරතාවක් පවතින බවත් මෙම කරුණු ගැන අංශික අධීක්ෂණ කාරක සභාවක හෝ රාජ්‍ය මුදල් කාරක සභාවෙන් විමසිය යුතු වන බව හේරත් මහතා කියාසිටියි.

මහ බැංකුවේ වාර්ෂික ආර්ථික විවරණ වාර්තාව ගැන බරපතල ප්‍රශ්න රැසක් මතුව තිබෙන අතර එහි භාෂාවද යොදාගෙන ඇත්තේ වැරදිය බව මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

මහ බැංකුවට අදාළ නව පනත පැමිණීමෙන් පසු එහි ඇතැමුන් සිතන්නේ එය රාජ්‍යය අයිති නොමැති ආයතනයක් ලෙස යැයිද චරිත හේරත් මහතා පෙන්වාදෙයි.

එම වාර්ෂික වාර්තාවට අනුව වැඩ ඇත්තේ මහ බැංකුව වන අතර පිස්කල් ප්‍රතිපත්තියට අදාළව කිසිවක් නොමැති බවත් එය කැබිනට් මණ්ඩලයට විශාල බලපෑමක් බවද හෙතෙම කියාසිටියි.

මහ බැංකුවේ මෙම වත්මන් හැසිරීම නිරාකරණය කරගත යුතුව තිබෙන අතර වහාම ඔවුන් කැඳවා ප්‍රශ්න කළ යුතුව තිබෙන බවයි ඊට ඌණ පූරණයක් ඉදිරිපත්කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පැවසුවේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසරේ සංචාරක ඉලක්කය ගිලිහී යන ලකුණු !

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත අනුව, නොවැම්බර් 12...

රට භීතියට පත් කරන කාටෙල් සාමාජිකයන්ට එරෙහිව දැඩි පියවර ගන්නා ලෙස ඉල්ලමින් ජනතාව මෙක්සිකානු රජයට එරෙහිව විදී බසියි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ජනාධිපති ක්ලෝඩියා...

එක්සත් රාජධානිය සරණාගතයින් වෙනුවෙන් ගත් දැඩි තීරණය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් රාජධානිය විසින්...

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට ?

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, කොළඹ LNW : හෙට (17) දිනයේදී...