(VIDEO):එයාර් ලයින් ප්‍රශ්නය ඇවිලෙයි.හේෂා සහ ඇමති සිරිපාල වාග් සංග්‍රාමයක!

Date:

කොළඹ LNW:ශ්‍රී ලංකන් එයාර් ලයින් රු. බිලියන 609ක පාඩුවක් ලබන අතර තුර තවත් හත්සිය ගණනක් 2023 වසරේ සේවයට බඳවා ගෙන තිබෙන අතර ශ්‍රී ලංකන් ගුවන් සමාගම මෙලෙස පාඩු ලබන තත්ත්වයට පත් වූයේ දූෂිත දේශපාලඥයින්ගේ අතපෙවීම් සහ අකාර්යක්ෂම පාලනය හේතුවෙන් බව අද (08) පාර්ලිමේන්තුවේදී සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා චෝදනා කළේය.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ පාඩුව අනුව මේ රටේ සෑම පවුලක්ම රු.එක්ලක්ෂ හත්දාහක් ගෙවන තැනට පත්ව තිබෙන බවයි මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ.

මෙම ගුවන් සමාගමට මෙවැනි අවාසනාවන්ත තත්ත්වයක් උද වුණේ එමිරේට්ස් ආයතනය තුළ ලැබ ලබමින් සිටියදී එය රජයට පවරා ගැනීම නේද යන්න මෙහිදී මන්ත්‍රීවරයා ආණ්ඩු පක්ෂයෙන් විමසන ලදී.

හේෂා මන්ත්‍රීවරයාගේ මෙම ප්‍රශ්න කිරීමට අදාළව පිළිතුරු දෙමින් විෂය භාර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසුවේ 2023 වසරේ 791ක් බඳවා ගැනීමට සිදුවූයේ සේවකයින් 474ක් ඉල්ලා අස්වීම නිසා බවයි.

මේ අතර විශේෂයෙන් ශ්‍රී ලංකාව වැනි කුඩා ආර්ථිකයක් පවතින රටක මෙලෙස ගුවන් සේවයක් පවත්වාගෙන යාම කළ නොහැකි හෙයින් එය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට සැලසුම් කර තිබෙන බවද අමාත්‍යවරයා සඳහන් කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ 29 තෙක් යළි රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක අගෝස්තු 26, කොළඹ LNW: පසුගියදා අල්ලස් කොමිසම මගින්...

සමාජ මාධ්‍ය මඟින් අධිකරණ තීන්දුවලට බලපෑම් කිරීම පිළිබඳ BASL වෙතින් අනතුරු ඇගවීමක්!

කොළඹ LNW:අධිකරණ තීන්දු පිළිබඳ සමාජ මාධ්‍ය සහ යූටියුබ් නාලිකා...

ඉරානය යුදෙව් විරෝධී ප්‍රහාර මෙහෙයවන බවට ඕස්ට්‍රේලියාවෙන් චෝදනා..

රෂිකා හෙන්නායක අගෝස්තු 26, කොළඹ LNW: ඕස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීස්,...

අද බන්ධනාගාරගතව සිටින්නේ රට තිරණාත්මක මොහොතේ බේරාගත් නායකයා – රුවන් විජයවර්ධන

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා විසින්...