හිටපු මහ බැංකු අධිපති කබ්රාල්ගේ විදෙස් ගමන් තහනමට මොකද වුණේ?

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 08, කොළඹ (LNW): හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් තමන්ට එරෙහි විදෙස් ගමන් තහනම සම්පුර්ණයෙන් ඉවත් කරන ලෙස කළ ඉල්ලීම කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා ප්‍රතික්ෂේප කළ බව සඳහන් වේ.

අජිත් නිවාඩ් කබ්රාල් මහතාට විදෙස් ගමන් තහනමක් පනවා ඇත්තේ, රජයට අයත් ඇමෙරිකා ඩොලර් මිලියන 6යි දශම 5ක මුදලක් සාවද්‍ය පරිහරණය කළ බවට වන නඩුවට අදාළව වේ.

කෙසේ වෙතත් මෙම නඩුවෙහි සැකකරුවෙකු ලෙස කබ්රාල් මහතා නම් කර නැති බව පොලිසිය අධිකරණයට දන්වා සිට ඇති අතර විමර්ෂණ අනුව ඕනෑම අවස්ථාවක සැකකරුවෙකු ලෙස නම් කළ හැකි බවත් විදේශ ගත වුවහොත් විමර්ෂණවලට බාධා විය හැකි බවත් පවසමින් මහේස්ත්‍රාත්වරයා අදාළ ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත.

මහේස්ත්‍රාත්වරයා දන්වා සිටියේ, විදේශ ගත වීමට අවශ්‍ය වුවහොත් එම අවස්ථාවේ අදාළ ඉල්ලීම සිදුකරන ලෙසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...