හිටපු මහ බැංකු අධිපති කබ්රාල්ගේ විදෙස් ගමන් තහනමට මොකද වුණේ?

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 08, කොළඹ (LNW): හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් තමන්ට එරෙහි විදෙස් ගමන් තහනම සම්පුර්ණයෙන් ඉවත් කරන ලෙස කළ ඉල්ලීම කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා ප්‍රතික්ෂේප කළ බව සඳහන් වේ.

අජිත් නිවාඩ් කබ්රාල් මහතාට විදෙස් ගමන් තහනමක් පනවා ඇත්තේ, රජයට අයත් ඇමෙරිකා ඩොලර් මිලියන 6යි දශම 5ක මුදලක් සාවද්‍ය පරිහරණය කළ බවට වන නඩුවට අදාළව වේ.

කෙසේ වෙතත් මෙම නඩුවෙහි සැකකරුවෙකු ලෙස කබ්රාල් මහතා නම් කර නැති බව පොලිසිය අධිකරණයට දන්වා සිට ඇති අතර විමර්ෂණ අනුව ඕනෑම අවස්ථාවක සැකකරුවෙකු ලෙස නම් කළ හැකි බවත් විදේශ ගත වුවහොත් විමර්ෂණවලට බාධා විය හැකි බවත් පවසමින් මහේස්ත්‍රාත්වරයා අදාළ ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත.

මහේස්ත්‍රාත්වරයා දන්වා සිටියේ, විදේශ ගත වීමට අවශ්‍ය වුවහොත් එම අවස්ථාවේ අදාළ ඉල්ලීම සිදුකරන ලෙසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංකාවට අවසාන තරගයක් ගැන තිබුණ අදහස මැලේසියාව සුද්ධ කරයි.

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: දකුණු කොරියාවේ පැවත්වෙන ආසියානු...

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...

විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...

අවධමන රැල්ලේ අවසන් මාසය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද...