මගේ කටවහන්න බැහැ.අනිවාර්යයෙන් මම දේශපාලනයට නැවත එනවා – මන්ත්‍රී ධූරය අහිමි වූ ඩයනා කට අරියි

Date:

කොළඹ LNW: තමන්ගේ කට ලෙහෙසියෙන් වැසිය නොහැකි අතර ඉදිරියේදී අනිවාර්යයෙන් තමන් නැවත දේශපාලනයට පැමිණෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මිය පැවසුවේය.

ඒ, මීට සුළු මොහොතකට පෙර කොළඹදී පැවති මාධ්‍ය හමුවේදීය.

තමන් අධිකරණයට ගරු කරන නමුත් හේතු කිහිපයක් මත එම තීන්දුව පිළිගත නොහැකි බවයි ගමගේ මහත්මිය සඳහන් කළේ.

එම නඩු තීන්දුව පසුපස තිබුණේ විනිසුරුවරුන්ගේ තීරණයට වඩා දේශපාලන කුමන්ත්‍රණයක් බවයි ඇය පැවසුවේ.

සමඟි ජන බලවේගයේ මන්ත්‍රීවරු කිහිපදෙනෙකුගේ පැවති වෛරී දේශපාලනය ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පෙනෙන්නට තිබුණු බවයි හිටපු මන්ත්‍රීවරිය කියාසිටියේ.

මෙලෙස පහර දුන්නේ සියලුම කාන්තාවන්ට බවද ඇය සඳහන් කරන ලදී.

කෙසේවෙතත් තමන්ගේ මන්ත්‍රී ධූරය අහිමි වීම මේ රටේ ජනතාවටද සිදුවූ අසාධාරණයක් වන බවත් තමන් ඉදිරියටත් ජනතාව වෙනුවෙන් පෙනී සිටින බවත් ඉදිරියේදී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දෙන බවත් ඇය අවධාරණය කළේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුපර්මෑන් දුෂ්ටයා Terence Stamp දිවිගමනින් බැස යයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුපර්මෑන් දුෂ්ටයා ලෙස...

2025 වසරේ කාර්මික ක්ෂේත්‍රයේ රැකියා සදහා යොමු වීම ඉහළැට: ශ්‍රී ලංකා මහ බැංකුව

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2025 වසරේ පළමු කාර්තුව...

තකිකෝ යොෂිඩා මැතිණියගේ 117 වන ජන්ම දින සමරුවට පින්කම් රැසක්!

කොළඹ LNW:ජපානයේ පවතින ඉතාමත් නිවැරදි හා දියුණු පෙර පාසල්...

ඕමන්තේ මාරක අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: කැබ් රථයක් ලොරියක ගැටී...