රස්නය දරාගන්න බැරිව 4 දෙනෙකු ජීවිතක්ෂයට!

සටහන – රෂිකා හෙන්නායක

මැයි 09, කොළඹ (LNW): යාපනය ප්‍රදේශයේ අධික රස්නයත් සමග ඇති වූ සංකූලතා නිසා පුද්ගලයින් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බව යාපනය රෝහලේ විශේෂඥ වෛද්‍ය පී.නන්දරාජා පැවසීය .

පසුගිය දින කිහිපයේ යාපනය දිස්ත්‍රක්කයේ ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 දක්වා ඉහළ ගොස් තිබුණු බව වාර්තා විය.

ඒ මහතා සඳහන් කළේ, ඔවුන් 4 දෙනාම යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්වූ බවයි.

මියගිය හතරදෙනාම වැඩිහිටියන් වන අතර තවත් වැඩිහිටි පුද්ගලයෙක් දැඩි සත්කාරක ඒකකයේ ප්‍රතිකාර ලබන බව වැඩිදුරටත් වෛද්‍යවරයා පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල්ගෙන් ප්‍රකාශයක් ගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂමෙන් වැලිකඩ බන්ධනාගාරයට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ LNW : දැනට රක්ෂිත බන්ධනාගාරගතව...

සිංහල සුභාවිත ගීතයට තිරය පිටුපස සිට පණ දුන් ආනන්ද ගනේගොඩයන් අභාවප්‍රාප්ත වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ LNW : සංගීතය යනු රටක...

බැංකොක් නගරය ආපදා කලාපයක් ලෙස නම් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 26: තායිලන්තයේ අගනුවර වන...

පොළොන්නරුව වකුගඩු රෝහලේ පිපිරීමෙන් රෝහල් සේවකයෙක් මිය යයි!

කොළඹ LNW:පොළොන්නරුව ජාතික වකුගඩු (වෘක්කවේද) රෝහලේ මුළුතැන්ගෙය පරිශ්‍රයේ සිදුවූ...