ලිට්‍රෝ ගෑස් නව පිරවුම් මධ්‍යස්ථානය කඩුවෙල මාබිමදී විවෘත කෙරේ

කඩුවෙල, මාබිම ප්‍රදේශයේ ස්ථාපිත කළ ලිට්රෝ ගෑස් සමාගමේ නව ගෑස් පිරවුම් මධ්‍යස්ථානය විවෘත කිරීම පෙරේදා (08) සිදු කෙරිණි.

ඒ, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙනි.

තිරසාර සංවර්ධනය සහ පොදුජන අවශ්‍යතා ඉහළ නැංවීමේ අරමුණින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ලිට්රෝ සමාගම විසින් නවීන තාක්ෂණයෙන් සමන්විත මෙම ගෑස් පිරවුම් මධ්‍යස්ථානය ඉදිකර ඇත.

රුපියල් බිලියනකට වැඩි මුදලක් ආයෝජනය කරමින් පිහිටුවා ඇති මෙම මධ්‍යස්ථානයෙන් ගෑස් සිලින්ඩර් ධාරිතාව 180,000 කින් ඉහළ නැංවීමට සහ දෛනිකව ගෑස් සිලින්ඩර් 60,000ක් නිකුත් කිරීමට ලිට්‍රෝ ගෑස් සමාගම අපේක්ෂා කරයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල්ගෙන් ප්‍රකාශයක් ගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂමෙන් වැලිකඩ බන්ධනාගාරයට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ LNW : දැනට රක්ෂිත බන්ධනාගාරගතව...

සිංහල සුභාවිත ගීතයට තිරය පිටුපස සිට පණ දුන් ආනන්ද ගනේගොඩයන් අභාවප්‍රාප්ත වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ LNW : සංගීතය යනු රටක...

බැංකොක් නගරය ආපදා කලාපයක් ලෙස නම් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 26: තායිලන්තයේ අගනුවර වන...

පොළොන්නරුව වකුගඩු රෝහලේ පිපිරීමෙන් රෝහල් සේවකයෙක් මිය යයි!

කොළඹ LNW:පොළොන්නරුව ජාතික වකුගඩු (වෘක්කවේද) රෝහලේ මුළුතැන්ගෙය පරිශ්‍රයේ සිදුවූ...