ලිට්‍රෝ ගෑස් නව පිරවුම් මධ්‍යස්ථානය කඩුවෙල මාබිමදී විවෘත කෙරේ

Date:

කඩුවෙල, මාබිම ප්‍රදේශයේ ස්ථාපිත කළ ලිට්රෝ ගෑස් සමාගමේ නව ගෑස් පිරවුම් මධ්‍යස්ථානය විවෘත කිරීම පෙරේදා (08) සිදු කෙරිණි.

ඒ, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙනි.

තිරසාර සංවර්ධනය සහ පොදුජන අවශ්‍යතා ඉහළ නැංවීමේ අරමුණින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ලිට්රෝ සමාගම විසින් නවීන තාක්ෂණයෙන් සමන්විත මෙම ගෑස් පිරවුම් මධ්‍යස්ථානය ඉදිකර ඇත.

රුපියල් බිලියනකට වැඩි මුදලක් ආයෝජනය කරමින් පිහිටුවා ඇති මෙම මධ්‍යස්ථානයෙන් ගෑස් සිලින්ඩර් ධාරිතාව 180,000 කින් ඉහළ නැංවීමට සහ දෛනිකව ගෑස් සිලින්ඩර් 60,000ක් නිකුත් කිරීමට ලිට්‍රෝ ගෑස් සමාගම අපේක්ෂා කරයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘Rebuilding Sri Lanka’ ජනාධිපති කාර්ය සාධක බලකාය පත්කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල 'දිට්වා' සුළි කුණාටුවෙන් පසු ආපදා ප්‍රතිසාධනය,...

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75 පමණ තරමක තද වැසි – නව වසරේ පළමු දවසේ කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 01) දිනයේදී නැගෙනහිර, මධ්‍යම,...