දකුණු කොරියාවේ උපත් අනුපාතය සිඝ්‍රයෙන් අඩුවීම හේතුවෙන් නව අමාත්‍යංශයක් ස්ථාපිත කෙරේ

සටහන: සශිකලා මධුෂාණි,මැයි 10,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : දකුණු කොරියාවේ අඩු උපත් අනුපාතය ජාතික හදිසි අවස්ථාවක් සේ සලකා ඒ වෙනුවෙන් ප්‍රති-සැලසුම් ක්‍රියාත්මක කිරීමට නව අමාත්‍යාංශය පිහිටුවීම සඳහා පාර්ලිමේන්තුවේ සහයෝගීතාව ඉල්ලා සිටින බව එරට ජනාධිපති යූන් සුක් යෝල් ප්‍රකාශ කර තිබේ.

රුපවාහිනී සාකච්ජාවකට අදහස් දක්වමින් ජනාධිපතිවරයා වැඩි දුරටත් සඳහන් කර තිබුණේ, තම ධුර කාලය තුළ ඉදිරි වසර තුන ආර්ථිකය වැඩිදියුණු කිරීමට සහ අඩු දරු උපත් අනුපාතය ඉහල නැවීමට යොදවන බවයි.

මේ වන විට පසුගිය වසර 16 තුළ ජනගහනය ඉහළ නැංවීම සඳහා ඩොලර් බිලියන 200 කට වැඩි මුදලක් වය කර ඇති අතර වැටුප් සහිත පීතෘ නිවාඩු දීර්ඝ කිරීම, නව මාපියන්ට මුල්‍යමය වශයෙන් ත්‍යාග පිරිනැමීම සහ ළමා රැකවරණය සහ ගෙදර දොරේ වැඩ සඳහා දායක වීමට පිරිමින් දිරිමත් කරන සමාජ ව්‍යාපාර දියත් කළද ගැටලුව විසඳා ගැනීමට නොහැකි විය.

දකුණු කොරියාව ලෝකයේ අඩුම සාඵල්‍යතා අනුපාතය ඇති රට වන අතර එය 2023 වසරේ 0.78කි. සංවර්ධිත මෙන්ම විශාල ජනගහනයක් සහිත රටකට ස්ථාවර ජනගහනයක් පවත්වා ගැනීම සඳහා රටවලට 2.1 ක සශ්‍රීකත්ව අනුපාතයක් අවශ්‍ය වේ.

දකුණු කොරියාව මෙන්ම ජපානය සහ චීනය වැනි රටවල් විශාල වැඩිහිටි ජනගහනයකට මුහුණ දෙන අතර ප්‍රවීනයන් ප්‍රකාශ කරන්නේ කලාපය පුරා මෙම ජන විකාශන මාරුවීම් සඳහා හේතු වශයෙන් ඒ ඒ රටවල රැකියා සංස්කෘතීන්, එකතැන පල්වෙන වැටුප්, ජීවන වියදම් ඉහළ යාම, විවාහය සහ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය පිළිබඳ ආකල්ප වෙනස් කිරීම සහ තරුණ පරම්පරාවන් අතර ඉහළ යන කලකිරීම ආදිය මේ සඳහා හේතු වන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (27) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 27) දිනයේදී බස්නාහිර සහ...

BJP සබඳතා තරකර ගැනීමට ටිල්වින් සිල්වා දින පහක සංචාරයක් සඳහා ඉන්දියාවට

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඇතුළු...

කථානායක ජගත්ට එරෙහිව සජබයෙන් විශ්වාසභංගයක්

සටහන - රුවන් නෙළුගොල්ල කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විශ්වාසභංග...

නාමල්ගෙන් ප්‍රකාශයක් ගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂමෙන් වැලිකඩ බන්ධනාගාරයට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ LNW : දැනට රක්ෂිත බන්ධනාගාරගතව...