(VIDEO):ඕනෑම මැතිවරණයකට කරට කර තරඟ කරන්න අපිත් සූදානම්!

Date:

කොළඹ LNW:මව්බිම ජනතා පක්ෂය නව පක්ෂයක් වුවද පැරණි පක්ෂ සමග කරට කරට තරග කිරීමට ඕනෑම මොහොතක සුදානම් බව එහි නායක දිලිත් ජයවීර මහතා පවසයි.

මේ වන විට පොහොට්ටුව අවලංගු වී තිබෙන අතර දැන් ජනතාවට හොඳ විකල්පයක් ඉදිරිපත් කර තිබෙන බවයි ජයවීර මහතා සඳහන් කරන්නේ.

ඒ අනුව මව්බිම ජනතා පක්ෂයේ පළමු කාර්යභාරය විය යුත්තේ හැටනව ලක්ෂයක් ජනතාවගේ අභිලාෂයන් වෙනුවෙන් පෙනී සිටීම බවද ඔහු ප්‍රකාශ කරයි.

“මව්බිම ජනතා පක්ෂය බිහි වුණේ ලංකාවේ ඇති වුන ඒ දේශපාලනික රික්තය පිරවීම සදහා. අපේ පක්ෂය බිහි වන විට ලංකාවේ ඡන්ද දායකයන් ඉතාම වික්ෂිප්ත තත්ත්වයකට පත් වෙලා හිටියේ. පක්ෂ අලුතින් බිහි වන එක සාමාන්‍ය දෙයක්. හැබැයි අපි ඊට වඩා තර්කානුකුල, විද්‍යාත්මක සහ ප්‍රායෝගික වැඩපිළිවෙලක් සමගයි මේ පක්ෂය බිහි කළේ. සාම්ප්‍රධායික දේශපාලන වේදිකාවේ ඇසෙන සියලු සාම්ප්‍රධායික වචන, වාක්‍ය අපි ප්‍රතික්ෂේප කරමින් තමයි අපි ඉදිරියට යන්නේ. දැන් අපි ජනතාවට හොද විකල්පයක් ඉදිරිපත් කරලා තියෙනවා. සාමාන්‍යයෙන් ලංකාවේ දේශපාලන පක්ෂවල ප්‍රතිපත්ති පක්ෂවල තිබුනේ අපි දැක්කා දරිද්‍රතාවය නැති කිරීමට කටයුතු කරනවා කියලා. හැබැයි ඒ සදහා වන ක්‍රමය නැහැ. ඒ නිසා අපේ පක්ෂය සංකල්ප මත පදනම් වූ පක්ෂයක්. මේ පක්ෂය හුදු අහම්බයක් නෙවේ. තීරණාත්මක අවස්ථාවක සංකල්ප මත දර්ශනයක් මත පදනම් වෙලා තමයි නිර්මාණය කළේ. අද පොහොට්ටුව අවලංගු වෙලා. හැබැයි ජනතාවගේ අපේක්ෂාවන් අවලංගු නැහැ. ඒ නිසා මව්බිම ජනතා පක්ෂයේ පළමු කාර්ය භාරය විය යුත්තේ හැටනව ලක්ෂයක් ජනතාවගේ අභිලාෂයන් වෙනුවෙන් පෙනී සිටීම. ඒ වගේම හැටනව ලක්ෂයට අයිති නොවුණු රාජපක්ෂ සන්නාමය නිසා එවකට ඡන්දය ප්‍රකාශ නොකළ සියලු දෙනාත් අපි එකතු කර ගන්න ඕන. මොකද ඔවුන් රටට ආදරය කරන පුද්ගලයින්. අපි නව පක්ෂයක් වුණත් ඕනෑම පැරණි පක්ෂයක් සමග මුහුණ දීමට හෝ ඔවුන්ගෙන් ඔබ්බට ගිය වැඩපිළිවෙලක් සදහා මුහුණ දීමට හැකියාවක් තියෙනවා.” යනුවෙන් දිලිත් ජයවීර මහතා වැඩිදුරටත් අවධාරණය කරයි.

ඔහු මෙම අදහස් පළකළේ ඊයේ (09) බොරැල්ලේ පිහිටි මව්බිම ජනතා පක්ෂයේ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදීය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංකාවට අවසාන තරගයක් ගැන තිබුණ අදහස මැලේසියාව සුද්ධ කරයි.

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: දකුණු කොරියාවේ පැවත්වෙන ආසියානු...

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...

විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...

අවධමන රැල්ලේ අවසන් මාසය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද...