ලෝක මාධ්‍ය නිදහසේ අංක එකේ රට නෝර්වේ!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 14 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):පසුගියදා පැවති ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය නිමිත්තෙන් නිකුත් කර ඇති රටවල් 180ක් ඇතුළත් ලෝක මාධ්‍ය නිදහස සඳහා වන දේශසීමා රහිත වාර්තාකරුවන්ගේ දර්ශකයේ නෝර්වේ පළමු ස්ථානයට පත්වී ඇතැයි ද, එරිට්‍රියාව අවසන් ස්ථානයට පත්වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඩෙන්මාර්කය දෙවැනි තැනටත්, ස්වීඩනය හා නෙදර්ලන්තය තුන්වැනි හා සිව්වැනි ස්ථානවලට පත්වී ඇති අතර, ෆින්ලන්තය පස්වැනි තැන පසුවන බව වාර්තා වේ.

එම දර්ශකයේ පළමු ස්ථාන 18 යුරෝපා රටවලට හිමිවී ඇති අතර, දකුණු ආසියාතික රටවල් අතරින් පළමු 100 අතරට එක්වී ඇත්තේ නේපාලය බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

හොංකොං පෝස්ට් පුවත් සේවය වාර්තා කළේ, ඇෆ්ගනිස්තානය, සිරියාව සහ ඉරානය වැනි මාධ්‍ය සිරකරුවන් සිටින අවසන් රටවල් 10 අතර චිනය 172 ස්ථානයේ සිටින බව වාර්තා වේ. අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරැකීමේ අමෙරිකානු සංවිධාන 2023 වාර්තාවකට අනුව චීනයේ මේ වන විට මාධ්‍යවේදීන් 100කට අධික සංඛ්‍යාවක් සිරගත කර ඇති බවයි.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ, එම දර්ශකයේ මාලදිවයිනට 106 වැනි ස්ථානය හිමිවී ඇති අතර, ශ්‍රී ලංකාව 150 වැනි ස්ථානයේද, පාකිස්තානය 152 වැනි ස්ථානයේ ද, ඉන්දියාව 159 වැනි ස්ථානයේ ද පසුවන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිවිල් ක්‍රියාකාරී හා ජනමාධ්‍යවේදියෙකු විසින් CID වෙත ආන්දෝලනාත්මක පැමිණිල්ලක්!

සිවිල් ක්‍රියාකාරී හා ජනමාධ්‍යවේදී කැලුම් අමරසිංහ විසින් අද අපරාධ...

තවත් ප්‍රමාද නොවී විගණකාධිපතිවරයෙක් පත් කරන්න – මුදල් කාරක සභාවේ සභාපති ජනපතිගෙන් ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ තවදුරටත් ප්‍රමාදයකින් තොරව විගණකාධිපතිවරයෙක් පත්කරන ලෙස මුදල් කාරක...

දිට්වා ආපදාවෙන් මහනුවර පුද්ගලයන් එක්ලක්ෂ අසූහය දහසකට පීඩා!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:දිට්වා සුළි කුණාටුව හේතුවෙන්...

Zootopia 2 හි ගැරීගේ ආගමනය සමඟින් නිල් පාට උරගයින්ට චීනයෙන් බේරිල්ලක් නෑලු!

සටහන – පුලී දෙසැම්බර් 24, කොළඹ (LNW):  මෑතකදී කරළියට ආ...