ජනතාව පෝලිම්වල තියන්න බෑ, නිළධාරීන් නිවාඩු ගන්නැතුව වැඩකළ යුතුයි – නාමල්

Date:

ජනතාව පත්ව සිටින දුෂ්කරතාවලින් ඔවුන් මුදවා ගැනීම සඳහා ආණ්ඩුව අවශ්‍ය සියලු පියවර ගන්නා බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ජනතාව පෝලිම්වල රස්තියාදුවෙමින් විඳින දුෂ්කරතා පිළිබඳව ආණ්ඩුවට පැහැදිලි අවබෝධයක් තිබෙන බවයි ඇමතිවරයා පවසන්නේ.

ජනතාව පෝලිම්වල රස්තියාදු කිරීමට කිසිසේතම ඉඩ නොතැබිය යුතු බවත්, ඒ අනුව විශේෂයෙන්ම ජනතාව අවශ්‍ය ඉන්ධන ප්‍රමාණවත් පරිදි ලබාදීමට කටයුතු කරන බවත් නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ඉන්දියානු ණය මත ඉදිරියේදී රටට අවශ්‍ය තරම් ඉන්ධන ලැබෙනු ඇති බවද ඔහු පවසයි.

ඉන්ධන තිබුණද ඒ්වා ප්‍රමාණවත් පරිදි බෙදාහැරීම් කටයුතු සිදු නොවන බව වාර්තා වී ඇතැයි පවසන නාමල් රාජපක්ෂ මහතා පවසන්නේ අදාල ආයතනවල නිළධාරීන්ද මීට වඩා වගකීමෙන් වැඩකළ යුතු බවයි. සෙනසුරාදා, ඉරිදා නොබලා, පෝය නිවාඩු නොබලා ඔවුන් ජනතාව වෙනුවෙන් සේවය කළයුතු බවත් ඇමතිවරයා සඳහන් කරයි.

නාමල් රාජපක්ෂ මහතා අද කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ ඉන්ධන නිසි පරිදි බෙදාහැරීමට අදාලව ජනාධිපතිවරයා සියලු උපදෙස් ලබා දී ඇති බවයි. ඒ අනුව ඉතා කෙටි කාලයක් තුළ ඉන්ධන පෝලිම් අවසන් වනු ඇතැයි රාජපක්ෂ මහතා බලාපොරොත්තු පළ කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව පොලිස්පති ගැන ඉඟියක්..?

රෂිකා හෙන්නායක අගෝස්තු 12, කොළඹ LNW: අද (12)දින පාර්ලිමේන්තු සංකීර්ණයේදී...

හර්ෂිතාගේ දෙවන ශතකයත් සමඟ පිතිකාරීනියන් අතර යළිත් මුල් තැන – ප්‍රබල යුද හමුදාවට පානදුරෙන් ප්‍රහාරයක්

නිශ්මං රණසිංහ අගෝස්තු 12, කොළඹ LNW: ක්‍රියාත්මක වෙමින් පවතින ශ්‍රී ලංකා...

පාපන්දුවෙන් ලොවක් හඳුනන රොනාල්ඩෝ ගෙන් ජෝර්ජිනාට දියමන්ති මුදුවක්!

සටහන – පුලී අගෝස්තු 12, කොළඹ (LNW): පාපන්දු ලෝකයේ සුපිරි තරුව...

ඇමරිකාව බබලවන ඉන්දියානු සංක්‍රමණික බිලියනපතියන්

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 12: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ෆොබියස් සඟරාවකට අනුව...